බස්නාහිර පළාතටම සහ ප්‍රදේශ 3කට ඇඳිරිනීතිය ලබන 9 තෙක් දීර්ඝ කෙරේ

බස්නාහිර පළාතටම සහ තවත් ප්‍රදේශ කීපයකට නිරෝධායන ඇඳිරිනීතිය හෙට අලුයම 5 සිට ලබන 9 වැනිදා තෙක් දීර්ඝ කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ වන විට විශේෂ ප්‍රකාශයක් කරමින් covid 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙන්නේ මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයටත්, කුරුණෑගල නගර සභා සීමාවටත්, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයටත්    ලබන නව වැනි දා තෙක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

පසුගිය 29 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට හෙට අළුයම 5 තෙක් නිරෝධායන ඇඳිරි නීතිය මීට පෙර පනවා තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳව රජයේ නිවේදනය මෙසේය.

Exit mobile version