බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..

by editor
අප්‍රේල් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වර්තමාන ජනාධිපතිවරයාගේ බියවැද්දීම්, තර්ජනයන් අලුතින් මතුවුන සාකච්ඡාවක් නොවන බවත්,  ඔහුගේ ආරක්‍ෂක ලේකම් ධුරය කාලයේ වංචා-දූෂණයන් පිළිබඳව චෝදනා එල්ල ඒ පිළිබඳව නඩු  අධිකරණයේදී විභාගවෙමින් තිබූ බවත්, පැහැරගෙන යෑම්, සුදුවෑන්, සහ සමහර ඝාතනයන් පිළබඳව ඔහුට චෝදනාවන් තිබෙන බවත් ඔහු බලයට පත් වූ පසු ඔහුගේ තර්ජනයට ලක් වූ එකම මන්ත්‍රීවරයා විජේදාස රාජපක්ෂ නොවන බවත්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු කීවේ විජේදාස රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විශාල කැපකිරීම් කර  බලයට ගෙනාවේ මෙවැනි කළු අතීතයක් සහිත පුද්ගලයෙක් බවය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

ඔහු එම  මාධ්‍ය හමුවේ දී මෙසේ ද ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ජනතාවගේ ඡන්දයෙන් පත්කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය අවුරුදු 05යි. ඔවුන් මේ රටේ භාරකරුවන් මිස කිසිසේත්ම අයිතිකරුවන් නොවේ. එසේ තිබියදී වරාය නගරය  වැනි චීන ප්‍රාන්තයක් ගොඩනැගීමට කිසිසේත්ම ජනවරමක් නැති බව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

උතුරු දකුණු භේදයකින් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව, දුප්පත් පොහොසත් භේදයකින් තොරව අපි සියලු දෙනාටම අයිති රටක් මේක. මේ රට සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ගන්නවා නම් ජනතාවගෙන් අනුමැතියක් ලබාගත යුතුයි. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිහින් මේ කොමිෂන් සභා පනතට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමත විචාරණයකින් අනුමැතියක් ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ආණ්ඩුව හැමවිටම බලහත්කාරය යොදමින් විවිධ වර්ගයේ වංචාවන් සිදුකරමින් ක්‍රියාත්මක වෙනවා හැර ආණ්ඩුව විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. 20වැනි සංශෝධනයට අනුව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සතියක් ඇතුළත අධිකරණය හමුවට යා යුතුයි. 20වැනි සංශෝධනයට පෙර ඒ සඳහා සති දෙකක කාලයක් තිබුණා. මේ පනත ඉදිරිපත් කළේ 08වැනි බ්‍රහස්පතින්දා. වැඩ කරන දිනයක් හැටියට ඉතිරි වුණේ 09වැනි සිකුරාදා. ව්‍යවස්ථානුකූලව නඩුවක් පැවරීම සඳහා ඉතිරිවී තිබුණේ 15වැනි බ්‍රහස්පතින්දා විතරයි. සෙනසුරාදා, ඉරිදා, සඳුදා රජයේ නිවාඩු දින. අඟහරුවාදා, බදාදා සිංහල, දෙමළ අලුත් අවුරුද්ද.

රට පිළිබඳව තීරණාත්මක පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දින 05ක දීර්ඝ නිවඩුවක් තිබෙන කාලයක. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පුරවැසියන්ට තිබෙන අවස්ථාව පවා අහුරන්න ක්‍රියා කර තිබෙනවා.

ඊළඟ උපක්‍රමය තර්ජනය සහ බිය ගැන්වීමයි. අභයාරාම පන්සලේදී බ්‍රහස්පතින්දා (15) මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ මුලසුනෙන් පැවති මාධ්‍ය හමුවේදී විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකට ජනාධිපතිතුමාගේ උරණ වීම ගැන  මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ වචනවලින්ම කිව්වොත් “ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගයෙන්, වෙව්ලමින්, පහත් වචනවලින් බැන වැදුණා.” අපිට විජේදාස රාජපක්‍ෂගේ දේශපාලනය පිළිබඳව විවේචනයක් තිබෙනවා. මේ ජනාධිපතිවරයා බලයට පත්කිරීමේදී විජේදාස රාජපක්‍ෂ මහත්මයා විශාල කාර්යභාරයක් ඉටුකළා.

විජේදාස මහත්තයා මේ වනවිටත් මහින්ද රාජපක්‍ෂ මහත්මයා නායකත්වය දරන පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු  20වැනි සංශෝධනයේදී ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ අයෙක්. ඔහු තමන්ගේ මතයක් ප්‍රකාශ කළාට පස්සේ ජනාධිපතිවරයාගේ හැසිරීම ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගයෙන් වෙව්ලමින් පහත් වචනයෙන් බැනවැදීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් තර්ජනය කිරීමේ තත්වයකට ජනාධිපතිවරයා පත්ව තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තත්වය මොකක්ද? ජනාධිපතිවරයා බලයට පත්වූ පසුව තර්ජනය එල්ල කළ පළමු පුද්ගලයා විජේදාස රාජපක්‍ෂ නොවන බව අපි දන්නවා. ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දුරකතනයෙන් බැන වදිනවා නම් ඒ රට ගමන් කරමින් තිබෙන්නේ කවර දිශාවකටද?

මෙවැනි ගණයේ තර්ජනයෙන්, බිය වැද්දීමෙන් ගෙනයන පාලනයකට ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් දරන මෙම උත්සාහය නතර කළ යුතුයි. අප මේ මතු කරන්නේ රට පිළිබඳව ප්‍රශ්නයක්.

 

අපි එකඟන නොවුනත් විදේශ ආයෝජන කැඳවාගැනීම සඳහා සම්මත වූ පනත් දෙකක් රටේ තියනවා තිබෙනවා. ආයෝජන මණ්ඩල පනත සහ ක්‍රමෝපායික සංවර්ධන පනත. ක්‍රමොපායික සංවර්ධන පනත විශාල බදු සහන ලබාදෙන්න පුළුවන් පනතක්. මෙවැනි ව්‍යාපෘති වේගවත්ව අධීක්‍ෂණය සහ මෙහෙයවීම සඳහා ආයෝජන මණ්ඩලය තිබෙනවා. පෝර්ට් සිටියට යම් ව්‍යාපෘතියක් එනවා නම් ආයෝජන මණ්ඩලය හරහා යන්න බැරි ඇයි?

ඒ ව්‍යාපෘතිවලට බදු සහන දෙන්න ඕනෑ නම් ක්‍රමෝපායික සංවර්ධන පනත හරහා පොර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන දෙන්න බැරි ඇයි? එම කලාපයට පමණක් විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නේ ඇයි? චීනයට වුවමනා වන පරිදි ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලන උපාය මාර්ගයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට අදාල පනතක් මේ ගෙන එන්නේ.

ඒ නිසයි අපි නැවත නැවතත් කියන්නේ මෙය ජනමත විචාරණයකට ලක්කිරීමකින් තොරව අනුමැතිය නොදිය යුතුයි කියලා. අපේ රටේ ස්වෛරීභාවය, රටේ අනාගතය සම්බන්ධයෙන් ව්‍යවස්ථාව, මූල්‍ය පනත් අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිසි තීරණයක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

Next Post

රන්ජන්ගේ දුක සැප බලන්න නාමල් අලුත් අවුරුද්දේ  අඟුනකොලේ ගිහින්..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.