අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකට හමුවූ බයිඩන් සහ පුටින් ඒ ගැන වෙන වෙනම කියූ කතා

by Lanka Sara Editor
ජූනි 17, 2021
in පුවත්
putin biden
Share on FacebookShare on Twitter

ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් ජීනීවා හී පැවැත්වූ ද්වීපාර්ශවීය සාකච්ඡා ඵලදායීව අවසන් බවට ප්‍රකාශ කළත් එහිදී ශක්තිමත් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකියාව ලැබුනාද යන්න තහවුරු කිරීමට අපහසුය.

දෙදෙනා අතර යම් යම් එකඟ නොවීම් පෙනෙන්නට තිබුනද ඇමරිකානු ජනාධිපති බයිඩන් පවසා සිටියේ එය දැඩි අර්බුදකාරී තැනකට ඇද දැමීමක් සිදු නොවූ බවත් රුසියානු ජනාධිපති පුටින් හට තවත් සීතල යුද්ධයක් අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

පුටින් එහිදී කියා සිටියේ බයිඩන් ඉතා පළපරුදු දේශපාලඥයෙකු බවත් දෙදෙනාමට එකම මට්ටමක සිට සාකච්ඡාව පැවැත්වූ බවයි.

මුලින් බලාපොරොත්තු වූ කාලයට පෙර සාකච්ඡා අවසන් වූ අතර සමස්ථ සාකච්ඡාවම පැය තුනකට ආසනන් කාලයකට සීමාවිය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

රුසියාව සමඟ සම්බන්ධතා වර්ධනය කරගැනීමට සැබෑ අපේක්ෂාවක් පවතින් බැවින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවන බවත් බයිඩන් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

එහිදී බයිඩන් විසින් පුටින් හට විශේෂයෙන් නිමවූ ඒවියේටර් වර්ගයේ අව් කණ්ණාඩියක් තෑගි කර ඇත. එය ඩයිඩන්ගේ ප්‍රියතම අව් කණ්නාඩි වර්ගය බවටද වාර්තා වේ. කෙසේ වෙතත් පුටින් විසින් බයිඩන් හට ත්‍යාගයක් ලබාදුන්නේද යන්න සම්බන්ධයෙක් වාර්තා නෙවෙයි.

එහෙත් 2018 වර්ෂයේදී පුටින් සහ ට්‍රම්ප් අතර ෆින්ලන්තයේ පැවති හමුවේදී පුටින් විසින් ට්‍රම්ප් හට පාපන්දුවක් තෑගි කළේය.

කෙසේ වෙතත් දෙපාර්ශවයම න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි අතර දෙරටේ තානාපතිවරුන් යලිත් තානාපති කාර්යාලවෙත යොමු කිරීමටත් එකඟතාවය පළකර තිබිණි.
මෙම හමුව ආරම්භ වීමට පෙර දෙරටේ ද්වීපාර්ශවීය සම්බන්ධතා පහලම මට්ටමක පැවතියේය.

දෙරටේ සිරකරුවන් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් පුටින් පවසා ඇත්තේ යම් සමථයකට පැමිණිය හැකි බවයි. එහෙත් සිරුකරුවන් හුවමරුකරගැනීමේ එකඟතාවයක් ගැන පුටින් කිසිම සඳහන් සිදු නොකළේය.

ඇමරිකාවට පසුගිය කාලයේ එල්ලවූ සයිබර් ප්‍රහාර රුසියාව සම්බන්ධ බවට එල්ල වන චෝදනා පුටින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. ඔහු එහිදී පවසා සිටියේ රුසියාවට එල්ල වන බොහොමයක් සයබර් ප්‍රහාර ඇමරිකාවේ සිට එල්ල වන බවයි.

එහිදී බයිඩන් විසින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාවේ ඉතා වැදගත් යටිතල පහසුකම් වන ජලය, බලශක්තිය සැපයුම් වලට රුසියානු හැකර්වරුන්ගේ ප්‍රහාර එල්ල කිරීම වැලැක්විය යුතු බව.
බයිඩන් වැඩිදුරත් ප්‍රකාශ කර ඇත්තේ රුසියාව සීමාව ඉක්මවා කටයුතු කළහොත් ප්‍රතිඵලය යහපත් නොවනු ඇති බවයි.

“රුසියාවේ තෙල් නල පද්ධතියකට සයිබර් ප්‍රහාරයක් එල්ල වුනොත් ඔබට කොහොම දැනෙයිද? යනුවෙන් මම පුටින්ගෙන් විමසා සිටියා. එහිදී පුටින් කියා සිටියේ එය ගැටලුවක් බවයි,” යනුවෙන් බයිඩන් මාධ්‍යවෙත ප්‍රකාශ කළේය.
මෙහිදී මානව හිමිකම් පිළිබඳ දෙපාර්ශවය එකිනෙකාට වෙනස් මත දරනු ලැබීය. බයිඩන් විසින් රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සෙයි නෙවල්නි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු වශයෙන් පුටින් සඳහන් කර සිටියේ නෙවල්නි රුසියාවේ නීති උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවයි. එසේම ඔහු එහි ප්‍රතිවිපාක හොදින්ම අවබෝධකරගෙන තමන්ට ඒ හේතුවෙන් සිරගතවීමට සිදුවන බව දැන දැනම කටයුතු කළ බවද පුටින් ප්‍රකාශ කළේය.

පුටින් මේ සම්බන්ධයෙන් කතා කරන විට ඇමරිකාවේ කළු ජාතිකයින් ඝාතනය වීම් සහ මෙම වසර මුලදී වොෂින්ටන් හිදී වූ විරෝධතා සම්බන්ධයෙන්ද සිහිපත් කළේය.

පුටින් ඇමරිකාවේ කළු ජාතිතකයන්ගේ මරණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ඉවතලමින් බයිඩන් ප්‍රකාශ කර සිටියේ එවැන්නක් කතා කිරීම විහිලු සහගත බවත් මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව සෑම විටම කතාබහට ලක්විය යුතු බවත්ය.

එසේම ක්‍රිමියාව සම්බන්ධනේ සාකච්ඡා කිරීමේද පුටින් පවසා සිටියේ තමන්ගේ සියලුම යුදමය ක්‍රියාකාරකම් ජාත්‍යන්තර නීතින්ට අනුගතම සිදුකරන බවයි. මෙහිදී ආක්‍රමාණශීලිව කටයුතු කරනු ලබන්නේ ඇමරිකාව බවද පුටින් ප්‍රකාශ කළේය.

මේ අතර යුක්රේනය නේටෝ සංවිධානයට එක්වීමට දරණ උත්සහය සම්බන්ධයෙන් මාධ්‍ය විමසා සිටි අවස්තාවේදී පුටින් ප්‍රකාශ කලේ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට දෙයක් නොමැති බවයි.

රුසියාවට ඇමරිකාව සමඟ සහයෝගීව කටයුතු කිරීමට අවශ්‍යව ඇත්තේ මන්දැයි මාධ්‍ය විමසා සිටි අවස්ථාවේදී බයිඩන් ප්‍රකාශ කර සිටියේ රුසියාව අපහසු ස්ථානයක සිටින බවයි.

“චීනයේ බලය වර්ධනයත් එක්ක රුසියාව අභියෝගයකට මුහුණ දීලයි සිටින්නේ. ඔවුන්ට ලෝකයේ බලවත් රාජ්‍යක් ලෙස රැදී සිටිම දැඩි අවශ්‍යතාවක් තිබෙනවා” යනුවෙන් පැවසීය.

බයිඩන් ජීනීවා වලින් පටව යෑමට පෙර සී.එන්.එන්. පුවත්සේවයේ මධ්‍යවේදියෙක ඇයි ඔබ පුටින්ගේ හැසිරීමේ වෙනස්වීම ගැන විශ්වාසය තබන්නේ යනුවෙන් කළ විමසීමට උත්වේගකාරීව පිළිතරු දෙමින් “ඔබට ඒක වැටහෙන්නේ නැත්තම් ඔබ කර්න්නේ වැරදි වෘත්තියක්” යනුවෙන් කියා සිටියේය. එහෙත් බයිඩන් පසුව ඊට සමාවගෙන තිබිණි.

කෙසේ වෙතත් මෙම හමුවේදී වැඩි වාසි පුටින්ට අත්වූ බවට බොහෝ විශ්ලේෂඛයින් පෙන්වාදෙයි. ඔවුන් පවසන අන්දමට මෙම හමුව ඇමරිකවේ අවශ්‍යතාව මත් සිදූ බැවින් එයින් ඇමරිකාවට පුටින් සහ රුසියාව ඉතා වැදගත් බව ලොවට එත්තු ගැන්වෙන බවයි.

එසේම පුටින් විසින් මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදුන් අයුරුත් සාකච්ඡාවේදී හැසිරුනු ආකරයත් රුසියාව තුල ඔහුගේ ප්‍රතිරූපය වර්ධනයට හේතු වී ඇති බවට ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔන්ලයින් අරක්කු විකිණීම අහෝසියි… කොවිඩ් කමිටුව යෝජනාවට විරුද්ධවෙයි…

Next Post

දැඩි සත්කාර ඒකකයක ඇඳක් මත තබා ඇති ආර්ථියක් සහිතව ලෝකයට අභියෝග කරන්න බෑ,..

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.