බම්බලපිටිය වෙඩි තැබීමට අදාලව පුද්ගලයින් සිවු දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරාබදු පිරීක්ෂකවරයෙක් සහ තවත් සුරාබදු නිලධාරීන් තිදෙනෙකි.
සිවිල් ඇඳුමින් පැමණ මෙම වෙඩි තැබූ පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ඔවුන් පවසා ඇත්තේ මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඇක්වා වාර්ගයේ කාර් රථයක් පිළිබඳ තොරතුරකට අනුව එම මෝටර් රථය පසුපස පැමිණි බවය.
මුහුද මාවතේ දී රථය නවත්වන ලෙස සංඥා කළ ද අණ නොතකා කළ ධාවනය හේතුවෙන් මෝටර් රථයට වෙඩි තැබූ බව සුරාබදු නිලධාරීන් පවසා ඇත.
වෙඩි කාගෙන වාහන පලා ගොස් ඇති අතර මේ වනවිට වෙඩි වැදුන ඇක්වා රථය ද මග දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඇක්වා මෝටර් රථයේ පැමිණි පිරිස පලා ගොස් ඇත. අත්අඩංගුවේ පසුවන සුරා බදු නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පොලිසිය විමර්ශන පවත්වය.ි