බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 05 දෙනෙක් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අතර මරණීය දණ්ඩනය හිමි වූ සිරකරුවෙක් ද වන බව එම දෙපාර්තමේන්තුව කියයි. එම සිරකරුවා බන්ධනාගාරගතව සිටි කාලය තුළ නව කතාවක් ද ලියා තිබේ.
මරණීය දණ්ඩනය හිමි වූ පුද්ගලයා ඇතුළු මින් හතර දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ය. ඔවුන් නව මැගසින් විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට මුහුණ දෙති.
බන්ධනාගාරගත අනෙක් රැඳවියා යාපනය බන්ධනාගාරයේ අයෙකි.