බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්දුල ඇමති උත්සව තියලා දුන්න එක දවසේ බස් එක! පෙරේදා දුන්නා… ඊයේ නැවතුනා….

by editor
මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

 ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන  ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 09 වෙනිදා සවස වැලිකන්ද ගල්තලාව, රිදීපොකුණ, අලුත්වැව, ගිනිදමන, නෙළුම්වැව, බොරවැව යන දුෂ්හකර ගම්මානවල පාසල් දරුවන්ට පොළොන්නරුව දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා පොළොන්නරු ඩිපෝව වෙන් කරන ලද ලංගම බස් රථය පසුවදා සිටම නතර කර දමා ඇති බව වාර්තා වේ,

ඉන්දීය රජයේ ණය පහසුකම යටතේ ලබාදුන් බස්රථ පන්සියයෙන් බස්රථ දාසයක් පොළොන්නරු ඩිපෝවට ලබාදිමෙන් පසු ඉන්  එක් බස් රථයක් දහවෙනිදා සිට වැලිකන්ද අලුත්වැව ප්‍රදේශයේ ගම්මාන හතක දරුවන් පොළොන්නරුවේ ප්‍රධාන පාසල් සඳහා ප්‍රවාහනය කිරීමට ලබා දි තිබුණේ ප්‍රවාහන ඇමති  බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම,යන මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා ( 09 )  අලුත්වැව ගම්මානයේ පැවති උත්සවයකදී ය.

එහෙත්  ඊයේ (10)  උදේ  පමණක් එම ගම්මාන හතේ දරුවන් අලුත් බස් රථයෙන්  පාසල් ගිය බවත්  ගියා මිස යළිත් ඒ බස් රථය තවමත් නොපැමිණී බවත් මේ බව කළ විමසීමක දී ගම්මු සඳහන් කළහ.

ගැමියන් කියන්නේ තම ගම්මාන හතේ දරුවන් සඳහා අලුත් බස් රථයක් වෙන් කර දීමත් සමග  දරුවන් පෞද්ගලික ප්‍රවාහන සේවාවලින් ඉවත් කරගත් බවය.

මේ වන විට පෞද්ගලික බස්රථ වලටත් තම දරුවන් භාර නොගන්නා බවත්, වෙනත් ලංගම බස් රථයක් අදාල මාර්ගවල ගමන් නොකිරීමෙන් තම දරුවන්  තුන්සියකට  වැඩි ප්‍රමාණයක් පොළොන්නරුවෙ පාසල්වලට යෑමට ප්‍රවාහන දුෂ්කරතා මතු වී ඇති බවත් දෙමව්පියෝ කීහ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

අප මේ පිළිබඳව පොලොන්නරුව ලංගම ඩිපෝ අධිකාරි ඩී,ඒ. ප්‍රේමසිරිගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එය එතරම් විශාල ප්‍රශ්නයක් නොවන බවය.

සේවක හිගය නිසා අදාළ බස් රථය ධාවනය කිරීමට නොහැකි බවත්, මේ දිනවල බඳවා ගැනීම් සිදු නොවන නිසා   ඉදිරියේදී පාසල් දරුවන්ට බස්රථය ලබාදෙන බවත් ඩිපෝ අධිකාරීවරයා කීවේය,

පාසල් බස්රථය ලබාදීමේ උත්සවයට පැමිණි පොළොන්නරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ෙගෙන් සිදුකළ විමසීමකදී ඔහු පැවසුවේ බස්රථ දාසයක් ලැබුණද රියදුරන් අටදෙනෙකු නොමැති වීම නිසා එම බස්රථ 16 න් අටක්ම ඩිපෝවේ ගාල්කර තැබීමට සිදු වී තිබෙන බවය.

රියදුරන් බඳවාගත් වහාම එම බස්රථ අටම දුෂ්කර පළාත් වල ධාවනයට යොදවන බවත්, ඉන්දීය රජය මඟින් අදාළ බස්රථ ලබාදී ඇත්තේ සම්පූර්ණ වියදම ඩිපෝව මගින් දරාගැනීමේ ගිවිසුම් මත බවත්යි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගම්පහ දිස්ත්‍රික් 13න් පහළ බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 40ක්!

Next Post

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.