මගීන් 25 දෙනෙක් පමණ ගමන් ගත් බස් කොළඹ – බදුල්ල පුද්ගලික බස් රථයක් රෝද හතරම උඩට සිටින සේ පෙරළී යෑමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙක් තුවාල වී බදුල්ල මහ රෝහලට අතුළත් කර තිබේ.
දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේ දි මෙම අනතුර සිදුවී තිබිණි.
රථය පාරෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇත. අනතුර සිදුවී තිබුණේ අද පෙරවරු 10ට පමණය.ගිලන් රථ දෙකක් මගින් වහාම මෙම අනතුරින් තුවාල ලද පිරිස් රෝහල්ගත කර තිබිණි.
සිද්ධිය පිළිබඳ ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.