අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බද්දේගම මිනිරන් වළට කාන්තාව තල්ලු කරල ද?… පොලිස් පරීක්ෂණ ඇරඹෙයි!

by editor
පෙබරවාරි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අම්පේගම, මිරිස්වත්ත,කොටියකන්ද  ප්‍රදේශයේ  මිනිරන් ලබා ගැනිම සඳහා හාරනු ලැබු වලක වැටි සිටි  දෙදරු මව ඇයව එම වළට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් තල්ලු කරනු ලැබුවේ යැයි කරන ප්‍රකාශය මත පදනම්ව  පරීක්ෂණ අරඹා ඇති බවත්, ඇය විටින් විටි පරස්පර විරෝධී කතා පවසමින් ඇති හෙයින් පරීක්ෂණ කටයුතුවල ආරම්භය තරමක් ව්‍යාකූලවී ඇති බවත්  පොලිස් ආරංචි මාර්ග පවසයි.

බද්දේගම පොලිසිය පවසන්නේ මෙම කාන්තාව මිනිරන් වළට තල්ලු කළාද, ඇද වැටුණා ද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරික්ෂණයක් ආරම්භකොට ඇති බවය.

මෙම දෙදරුමවගේ  මුහුණේ, හිසේ සහ තුනටියේ තුවාල  තිබු බවද පොලිසිය පවසයි. කෙසේවුවද මෙකි කාන්තාව කරාපිටිය රෝහල් පොලිසියට ප්‍රකාශකොට ඇත්තේ  නාදුනන අයෙකු විසින් තමන්ට පහරදි වලට තල්ලුකළ බවය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම නාඳුනන පුද්ගලයා ජංගම දුරකථනය මගින්  හදුනාගත් බවත් එහෙත් ඔහු පිළිබදව කිසිවක් නොදන්නා බවත් කාන්තාව රෝහල් පොලිසියට ප්‍රකාශකොට ඇත. 

තමන් මිනිරන්වලට තල්ලුකරන අවස්ථාවේ ඒ අසල තවත් දෙදෙනෙකු සිටි බවට ඇය  රෝහල් පොලිසියට ප්‍රකාශකොට ඇත.  කෙසේවුවද  බද්දේගම පොලිසිය සඳහන් කරන්නේ  මෙම කාන්තාව වරින්වර විවිධ ප්‍රකාශ කරන බවය.

ඇයගෙන්  අද (20) දින මේ පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා ගන්නා බවද පොලිසිය පවසයි.  ඒ අනුව ඇය මිනිරන් වලට වැටුනාද නැතහොත් කිසියම් අයෙකු විසින්  තල්ලුකරදමා ගියාද යන්න පිළිබද අනාවරණය කරගත හැකි බවද පොලිසිය පවසයි.

මෙම දෙදරුමව 39 හැවිරිදිවියේ පසුවන තැනැත්තියකි.   ඇයගේ  මුල්පදිංචිය අම්බලන්ගොඩ ප්‍රදේශය වන අතර පසුව සැමියා හා දරු දෙදෙනා සමග  බද්දේගම පෙඩ්රුක්වත්තේ පදිංචියට පැමිණ ඇත. 

මෙම කාන්තාවගේ සැමියා  මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිරගතව සිටින බව පොලිසිය පවසයි. මිට දින 03කට පමණ ඉහතදි ඇය නිවසින් පැමිණ ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

ඊයේ  (19) පෙරවරුවේ  ලී කැපිම සඳහා කැළයට ගිය තරුණයින් දෙදෙනෙකුට  කාන්තාවකගේ කෙදිරිලි හඩ ඇසි ඇත. පසුව ඔවුන් මේ බව පොලිසියට දැනුම් දිමෙන් පසු අඩි 45ක පමණ ගැඹුරු වලක වැටි සිටි මෙම දෙදරුමව කඹයක පුටුවක්  ගැට ගසා  පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව ගොඩට ගෙන  ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කිරිමට පොලිසිය විසින් කටයුතු කරණු ලැබිය. 

මිනිරන් වලෙන්ගොඩට ගන්නා අවස්ථාවේ දි ඇය අසාධ්‍ය තත්වයෙන් පසුවු බව පොලිසිය කීවේය. බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දුගේ  උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ගොවිතැන වනසා ඉන්දියාවෙන් ගේන හාල් කිලෝවකින් සතොසට රුපියල් 18ක ලාභ ලබයි!

Next Post

අපි සාර්ථකයි… ලංකාවේ දෙමළ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඉන්දීය අගමැතිගේ අවධානය යොමු වෙලා! – සම්පන්දන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.