අමායා උඩුවැරැල්ල –
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ඩාර්ජිලින් දිස්ත්‍රික්කයේ රංගපානි නම් දුම්රිය ස්ථානය අසලදී සීඝ්‍රගාමී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් මගීන් 8 දෙනෙකු මියගොස් තවත් මගීන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සඳුදා එනම් අද (17) උදෑසන අසාම් ප්‍රාන්තයේ සිල්චාර් සිට කොල්කටාහි සීල්ඩා දක්වා ධාවනය වෙමින් තිබූ කන්චන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රිය, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව තිබෙන අතර ඉන් කන්චන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රියේ දුම්රිය මැදිරි දෙකක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.