කලෙකින් ශ්රී ලංකා ක්රීඩා ලෝලීහු තරගයක් වින්දනය කළහ. දැන් දකුණු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 190ක තියුණු ඉලක්කයක් ලැබී තිබේ. ශ්රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී ලකුණු 189ක් ලබා ගත්තේය. ඒ කඩුලු 03ක් පමණක් දැවී යමිනි.
සුපුරුදු ලෙස කුසල් ජනිත් සිය රිද්මයට පැමිණ ස්ථාවර වුනේ නැත. පන්දු 21ක දී ඔහු ලකුණු 29ක් ලැබීය. ඒ එක් හයේ පහරක් සහ හතරේ පහර දෙක්ක සමගිනි. පළමු කඩුල්ල ලකුණු 42 දී දැවී ගියේය.
අනතුරුව සුපරි වටයේ මෙතෙක් ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කළ හොඳම ඉනිම දක්නට ලැබිණි. පැතුම් නිශ්ශංක සහ චරිත් අසලංක විශිෂ්ට ලකුණු 71ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. පැතුම් නිශ්ශංක ලකුණු 51 ලබාගත්තේය. ඒ පන්දු 41ක දීය. ඊට මනරම් හතරේ පහර 5ක් ඇතුළත් විය. දෙවන කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක දැවී යනවිට ලකුණු පුවරුව ලකුණු 133 කි.
ශ්රී ලංකා ඉනිමේ දෙවන අර්ධ ශතකය චරිත් අසලංක ලබා ගත්තේය. ඔහු පන්දු 41ක දී ලකුණු 68ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගිනි.
දසුන් ශානක පන්දු 14ක දී වේගවත් ලකුණු 25ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී සියලුම බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් ප්රහාරයට ලක් විය. ජේසන් හෝල්ඩර් පන්දු ඕවර 04 තුළ ලකුණු 37ක් දී කඩුලු 2ක් දවා ගත්තේය. ඩ්වයින් බ්රාවෝ පන්දු ඕවර 4 තුළ දී ලකුණු 42ක් දී කඩුල්ලක් දවා ගත්තේය.
දකුණු අප්රිකානු ඉනිම ඇරඹී ඇත. කඩුලු 03ක් දැවී ගොස්ය. බිනුර ප්රනාන්දු සිය පළමු පන්දු ඕවරයේ එම කඩුලු දෙකම දවා ගත්තේය. ක්රිස් ගේල් එක ලකුණකට දැවී ගියේය. එවින් ලෙවිස් ලකුණු 08කට දැවී ගියේය. රොස්ටන් චේස් ලකුණු 09කට චාමික කරුණාරත්නට ගොදුරු විය.
දැනට මහීෂ් තීක්ෂණ අතින් උඩපන්දු දෙකක් ගිලිහී ගොස් ඇත.පන්දු ඕවර හයක් වන විට බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 52ක් ලබාගෙනය. නිකොලස් පූරාන් පන්දු 16ක දී ලකුණු 32ක් ලබා සිටී. මහීෂ් තීක්ෂණ අත්හැරිය උඩපන්දුවල ප්රයෝජන පූරාන් ගනිමින් ඇත.