පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් විශිෂ්ට ජයග්‍රහණයකය. සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 03කින් පරාජය කර ලබා ගත් තියුණු ජයග්රහණයෙන් අනතුරුව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ ඊයේ (12) බංගලාදේශය කඩුළු 07කින් පරාජය කළහ.

කේප්ටවුන් ක්‍රීඩාංගනයේ දී පැවති ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේ දී කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීම තෝරා ගත්තේ බංගලාදේශ කණ්ඩාමය.
ඔවුන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 126කි. බංග්ලාදේශ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීන් වූයේ සොභාන් මොස්ටරි ය. ඇය ලකුණු 29ක් ලැබුවාය. කණ්ඩායම් නායිකා නයිගර් සුල්තාන් ලකුණු 28ක් ලැබුවාය.
ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට පන්දු යැවීමක යෙදිනි. හොඳම පන්දු යවන්නිය ඕෂධී රණසිංහය. ඇය ලකුණු 23කට කඩුලු 03ක් බිඳ හෙලුවාය.
නායක චමරි අතපත්තු ලකුණු 19කට කඩුලු 02ක් සහ ඉනෝකා රණවීර එක් කඩුල්ලක් බිඳ දැමුවාහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී පන්දුවාර 18කුත් පන්දු 02ක් අවසානයේ දී සිය ජයග්‍රහණයේ සීමාව පසුකළහ.
පිතිකරණයේ දී හර්ෂිතා සමරවික්‍රම සිය තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළාය. හර්ෂිතා පන්දු 50ක දී වේගවත් ලකුණු 69ක් නොදැවී වාර්තා කළාය. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 08ක් ඇතුළත් විය. නිලක්ෂි ද සිල්වා ලකුණු 41ක් ලබා ගත්තාය.
මෙම තරග ජයත් සමගින් අපරාජිත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20-20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන්නේය. ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඔස්ට්‍රෙලියාව සහ දකුණු අප්‍රිකාවය
මෙවර කාන්තා ලෝක කුසලාන 20 විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ප්‍රවේශ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ තවත් එක තරග ජයග්‍රහණයකට නුදුරෙනි.







