නවසීලන්තය සහ බංගලාදේශය අතර අද පැවති තරගය බංගලාදේශයට බිහිසුණු පරාජක් අත් කරමින් නිමා වී ඇත.
චෙන්නායිහි එම්.ඒ.චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී පැවති තරගය නවසීලන්ත කණ්ඩායම කඩුළු 08කින් ජයග්‍රහණය කර ඇත. බංගලාදේශය ලබා දුන් ලකුණු 249ක ඉලක්කය නවසීලන්ත කණඩායම පන්දු 43ක් ඉතිරිව තිබිය දී කඩුළු 08ක් අතැතිව නිමා කර තිබිණි.
කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ.
නවසීලන්ත පන්දු යවන්නන් දැඩි ආක්‍රමණශීලී පන්දු යැවීමක නිතර වී තිබිණි. කණ්ඩායමේ අත්දැකීම බහුලම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්වන මුෂ්ෆිකියු රහ්මාන් ලකුණු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය ලැබුවේය. ඒ පන්දු 75ක දි ලකුණු 66කි. ඊට හතරේ පහර 02ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් විය.
මේදි හසන් මිරාස් ලකුණු 30ක්, නායක ශකීබ් අල් හසන් ලකුණු 40ක්, මහමුදුල්ලාහ් නොදැවි ලකුණු 61ක් ලැබූහ.
පන්දු යැවීමේ දී ලොකි ෆරගසන් ලකුණු 49ට කඩුළු 03ක් බිඳ හෙළුවේය. ට්‍රෙන්ට් බෝල්ට් කඩුළු 02ක්, මැට් හෙන්රි කඩුළු 02ක්, මිෂෙල් සැන්ටර් සහ ග්ලෙන් පිලිප්ස් කඩුල්ල බැගින් ලබූහ.
නවසිලන්ත පිල වෙනුවෙන් ඩැරල් මිෂෙල් පන්දු 67ක දි නොදැවී ලකුනු 89ක් ලැබිය. නායක කේන් විලියම්සන් ලකුණු 78ක් ලැබුවේය. ඔහු තරගය මැද ඉනිම අත්හිටෙව්වේය. ඩෙවොන් කොන්වේ ලකුණු 45ක් රැස් කළේය.
නවසීලන්ත පිල පන්දු ඕවර 42.5 තුළ කඩුළු 02ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.