බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් නොවීම සඳහා  වහාම ගත යුතු තීන්දු  දෙකක් ගැන මූල්‍ය අරමුදල තදින් කියයි!

by editor
මාර්තු 3, 2022
in පුවත්, ව්‍යාපාර

Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රි ලංකාව පිළිබඳව තම වාර්ෂික සමාලෝචන  වාර්තාවෙන් අනතුරුව පවතින දරුණු අර්බුදය හමුවේ රටේ බදු ඉහළ නැංවීමත් රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණ කරවීම , එනම් වෙළෙඳපොළ අගය මත එය තීරණය කළ යුතු බවට අවධාරණය කර ඇත.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ මේ වනවිට ශ්‍රි ලංකාවේ ආර්ථිකය  සහ එහි පවතින විදේශ ණය අතිශයින්ම අර්බුදකාරී මට්ටමක පවතින බවයි.

අර්බුදකාරී ශ්‍රී ලංකාවට එහි විදේශ ණය “තිරසාර නොවන” බවට අනතුරු ඇඟවූ අතර, බංකොලොත් ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවප්‍රමාණය කිරීම සහ ඉහළ බදු පැනවීම ඉල්ලා සිටියේය.

දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද වාර්ෂික සමාලෝචනයෙන් අනතුරුව එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති කරුණුවලට කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය ඇතුළු කර්මාන්ත අඩාළ වීම මත විදේශ විනිමය සංචිත රැක ගැනීම සඳහා විසඳුමක් ලෙස රජය 2020 මාර්තු මාසයේ දී පුළුල් ආනයන තහනමක් පැනවීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මුදල් හිඟ රට පිළිබඳ වාර්ෂික සමාලෝචනයෙන් පසුව, IMF පැවසුවේ එහි වේගයෙන් අඩුවෙමින් පවතින විදේශ සංචිත රටේ වත්මන් විදේශ ණය ඩොලර් බිලියන 51 ගෙවීමට ප්‍රමාණවත් නොවන බවයි.

එම අරමුදල රජයේ නිල දත්ත  පදනම් කර ගනිමින් පෙන්වා දෙන්නේ මේ වසරේ ශ්‍රී ලංකාවට සිය විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත් ජනවාරි අග වන විට රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.07 ක් පමණක් බවය. එය  මාසයක ආනයන සඳහා මුදල් සැපයීමට ප්‍රමාණවත් බව අරමුදල පවසා ඇත.

මේ තත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ  කරන එක් පියරක් වන්නේ ශ්‍රී ලංකා රුපියල  වෙළෙඳපොළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතිකයක් වෙත නැවත පැමිණිය යුතු  බවය.

එසේම  සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය  උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත.

මහ බැංකුවේ නියම කරන ලද අනුපාතය ඩොලරයට රුපියල් 197ක් වන අතර, වර්ධනය වෙමින් පවතින කළු වෙළඳපොල එක්සත් ජනපද ඩොලරයක් සඳහා සඳහා රුපියල් 260ක් ලබා දෙන බවද අරමුදල පෙන්වා දී ඇත.

මෙම විෂමතාවය නිල බැංකු මාර්ග හරහා විදේශ ප්‍රේෂණ සියයට 50කට වඩා අඩුවීමට හේතු වී ඇති බැවින් වහාම එම තත්තවය වෙනසකට ලක් කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ   2019 නොවැම්බරයේ බලයට පත් වූ විගසම බදු කිහිපයක් අඩකින් පමණ කපා දැමීම රජයේ ආදායම අඩු කර තවත් ණය ගැනීමට බලපා ඇති බව පෙන්වා දී තිබේ.

අර්බුදය විසඳීම සඳහා වූ නිර්දේශ අතර ආදායම් බදු සහ වැට් බද්ද ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වන බවටද නිර්දේශ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධ්‍යාපන ඇමති වෙන්නට පැමිණි එස්.බී කර්මාන්ත ඇමතිකමේ දිවුරුම් දෙයි…

Next Post

ජනපතිට විමල් දුන් තනි වචනයේ උත්තරය…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.