තමා ජනාධිපතිවරණයට ඉඳිරිපත් වූ අවස්ථාවේ සහයෝගය දුන් බොහෝදෙනකු ඉල්ලා සිටියේ රට පෙරදැරි නායකත්වයක් වුවද ඔවුන්ගේ පෞද්ගලික ඉල්ලීම් ඉටු නොවූ බව කියමින් ඇතැමුන් තමා සමඟ අමනාප වී රජය විවේචනය කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද රාත්‍රි ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේ ය.
“මා ජනාධිපතිවරණයට ඉඳිරිපත් වූ අවස්ථාවේ මට සහයෝගය දුන් බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලුවේ රට පෙරදැරිකරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කලේ නැහැ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය චිවේචනය කරනවා. රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි”
ජනාධිපතිවරයා අද ජාතිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.