සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අවිචාරවත්ව නිවෙස් තුළ සහ සිය වාහනවල ඉන්ධන ගබඩා කරගත් පිරිස් මේ වනවිට ඉන්ධනහල් වෙත පැමිණ ඉන්ධන යළි මිලදී ගත හැකි දැයි විමසන බව නුවර ප්‍රධානපෙළේ ඉන්ධනහල් කළමණාකාරවරු පවසති.
සමහර පුද්ගලයින් එසේ ඉන්ධන තොග මිලදී ගෙන ගොස් ඇත්තේ තමන්ට එදිනෙදා වියදමට ඇති මුදලින් බවත් දැන් වියදමට මුදල් නොමැති වීම නිසා මෙසේ යළි තමන් ගබඩා කරගත් ඉන්ධන අලෙවි කරගැනීමට උත්සාහ කරන බවත් ඔවුහු කියති.
තමන්ට එසේ ඉන්ධන මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බව පවසන එම ඉන්ධනහල් හිමියන් පෙන්වා දෙන්නේ මේ වනවිට දෛනිකව ඉන්ධන ලබාගැනීමට එන පිරිසෙන් අඩකටත් වඩා අඩු වී ඇති බවය.
ඊට හේතුව ගබඩා කරගත් ඉන්ධන පරිභෝජනය බවද ඔවුහු කීහ.