ශ්‍රියානි විජේසිංහ –
පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දුන් මුදල්වලින් පොහොර මිල දී ගැනීමට කටයුතු කර තිබෙන්නේ ගොවීන්ගෙන් සියයට 05ක් පමණක් බව හෙළි ඇත
.2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලටම මුදල් බැර කරනු ලැබීය.
හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ලබා දුන් එම මුදල්වලින් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් සියයට 05ක් පමණක් බව අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළ ද ගොවීන් විසින් ඉන් මිල දී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 05ක් පමණක් බව හෙලිව ඇත.