අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුව තුනට පුපුරයි ! මන්ත්‍රීවරු අතර කඳවුරු තුනක්!

by editor
ජූනි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට ඉන්ධන මිල අර්බුදය හමුවේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා දක්වන ලද අදහස මත ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ ම කල්ලි තුනක් බිහිව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ සහ පෙරේදා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරුන් අතර විශාල වශයෙන් කතා බහට ලක්ව තිබේ. එහිදී ඔවුන් අතර පැහැදිළි බෙදීමක් පැවති බව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට පවා අයෙක් තීරණය කර ඇති බව එම අරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ප්‍රධානතම පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ තුළ මේ වනවිට බිහිව ඇති කල්ලි තුනෙන් එක් කල්ලියක් වන්නේ බැසිල් රාජපක්ගේ පාර්ශ්වයයි. විශේෂයෙන් පක්ෂයේ මෙහෙයුම් කටයුතු භාරව සිටින්නේ මෙම පාර්ශ්වයේ සාමාජිකයන් වන අතර බැසිල් රාජපක්ෂ වරින් වර ඔවුන් සමඟ ඇමෙරිකාවේ සිට සම්බන්ධ වෙමින් අදාළ උපදෙස් ලබා දෙන බව වාර්තා වෙයි.

විශේෂයෙන් නෙළුම් මාවත කාර්යාලයට සම්බන්ධව සිටින එම කාර්යාල සමඟ නිතර නිතර සම්බන්ධවන මන්ත්‍රිවරුන් ගණනාවක් එම පාර්ශ්වයේ සිටින අතර ගම්මන්පිලට විරෝධය දැක්වීමේ ප්‍රබල මතයක සිටිනුයේ මෙම කණ්ඩායමයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලද තවත් කණ්ඩායමක් මහින්ද රාජපක්ෂට සහ නාමල් රාජපක්ෂට සමීපව කටයුතු කරන අතර ඔවුන් ගම්මන්පිල සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් දරන අතරේ රජයේ සාමූහිකත්වය ගම්මන්පිලට එරෙහිව නැගූ චෝදනාව තුළ විනාශවන බවට අදහසක් මතුවන තතත්ත්වයට පත්ව තිබේ.

ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙන අතර ඔහුට මෙම පක්ෂයේ අනාගතය බේරා දෙන ලෙස ඉල්ලා ඇති බව සඳහන් වේ. මෙයට අමතරව වියත් මඟ නියෝජය කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සමීව ඔහු කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කරන මන්ත්‍රිවරු පිරිසක්ද මේ අතර වෙති.

මෙම බෙදීම කලක පටන් පැවතුණද අමාත්‍ය ගම්මන්පිල සම්බන්ධයෙන් මතුවූ කාරණය මත එය ඔඩුදුවා ඇති අතර පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස තීරණාත්මක ලෙස බොහෝ කටයුතුවලට සම්බන්ධ වූ බැසිල් රාජපක්ෂ මේ වනවිට රට තුළ නොසිටීම නිසාද මෙම බෙදීම තවචදුරටත් අභ්‍යන්තරික ප්‍රශ්නයක් ව නොපැවතී පිටතටද පෙනන අර්බුදයක් බවට පත්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වුවද මන්ත්‍රිවරුන්ගෙන් සහ ප්‍රධාන පෙළේ ආධාරකරුවන්ගේ බලපෑම මත ජනාධිපතිවරයා අගමැතිවරයා සහ පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදි පුළුල් ලෙස සාකච්ඡා කිරීමට කතා බහ කිරීමට සූදානම්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“දේශපාලනයේ ඥාති සංග්‍රහය ලෝකෙටම එපා වෙලා” – ඇමති නාමල් කියයි

Next Post

මහනුවර එන්නත්කරණ වැඩපිළිවෙළ නැවැත්තුවේ දේශපාලකයෙක්… නාගරික මන්ත්‍රීවරු කියති..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.