නැවත වරක් කිසිසේත්ම පොහොට්ටුව සමග ඡන්දයක් සඳහා පෑහෙන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඊලඟ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පොහොට්ටුවෙන් බාහිර සන්ධානයක් නිර්මාණය කරන බවත් ඔහු පවසයි.
ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සරෝජ් පතිරණ සමග සංදේශය අන්තර්ජාල නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
පොහොට්ටුවේ පාලනය ගැන තමන් පමණක් නොව මුළු රටම කලකිරී ඇතැයි ඔහු කියයි.
“පොහොට්ටුව ගැන කලකිරුණු නැති කෙනෙක් හොයා ගන්න නෑ. මම විතරක් නොවෙයි. ඒක පොදු මතයක්.“ හිටපු ජනපතිවරයා පවසන්නේ එසේය.
සාකච්ඡා සඳහා කිසිම ඉඩක් සන්ධානයේ ප්‍රධාන පක්ෂයවන පොහොට්ටුවෙන් ආණ්ඩුවේ සෙසු දේශපාලන පක්ෂ වෙත ලබා දී නැති බවත්, ශ්‍රී ලංකා පොදුජන නිදහස් සංන්ධානය නිර්මාණය කළත් අවුරුදු තුනක් තිස්සේ එක් දිනයක් හෝ එම සංවිධානය රැස් වී නැති බවත් ඔහු පවසයි.
“ එහෙත් දැනුම් දිය යුතු සෑම කරුණක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප ආණ්ඩුවට දැනුම් දීලා තියනවා…“
“දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා. රටේ කීර්තිමත් දේශපාලන පක්ෂයක් විදිහට මැතිවරණයක් ඉලක්ක කරගෙන තමයි අපි මේ ප්‍රතිසංවිධාන කරන්නේ. “
“ හැබැයි මේ ක්‍රියාවලිය තුළ ආණ්ඩු පෙරලන්න අරමුණක් නෑ. තිබෙන පාර්ලිමේන්තුවෙන් අලුත් ආණ්ඩු හදනවා කියන්නේම බරපතල අර්බුදයක් ඇතිවෙලා තියන තත්වය තවත් ව්‍යාකූල වෙන එක. ජනතාව ඒ පීඩාවට පත් කරන්න අපට අදසක් නෑ. “
ඔහු පවසන්නේය.