ගාලු මුවදොර පිටියේ පැවති ගෝඨා ගෝ ගම විරෝධතාවයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලීසියේ නිල ඇඳුමට අපහාස වෙන අන්දමේ ඇඳුමකින් සැරසී සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හෙට (25) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.