ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් මහනුවර සිට කොළඹ බලා පැමිණෙන පා ගමන වළක්වන ලෙස ඉල්ලා කෑගල්ල පොලීසිය විසින් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව ඊයේ නුවරින් ඇරඹුණු විරෝධතා පාගමනේ දෙවන දිනයට අද මාවනැල්ලෙන් ගමන ආරම්භ වූයේය.
පැගමන ආරම්භ කරමින් අදහස් දැකුවූ ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කාර පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කලේ ආණ්ඩුව විසඳුම් දෙනවා වෙනුවට දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කළත් මේ ගමන ජයග්‍රහණයකින් තොරව ආපස්සට හරවන්න කිසිසේත්ම සූදානම් නැති බවය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලමින් ජාතික එකමුතුව මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන ඊයේ (04) පෙරවරුවේ මහනුවර නගර මධ්‍යයෙන් ආරම්භ විය.
මෙම පා ගමන අතරතුර මහනුවර සිට කොළඹ දක්වා නගරයක් පාසා ජනතා අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් විරෝධතාකරුවෝ කීහ. පාගමන අගෝස්තු 09 වැනිදා කොළඹට ළඟා වීමට නියමිතව තිබේ.