පොලිසියේ covid-19 වෛරසය ආසාදිත නිලධාරීන් ගණන 283ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 76 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ නිලධාරීන් ය.
බොරැල්ල පොලිසියේ නිලධාරීන් 63ක් ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 55ක් ද ඒ අතර වේ.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.