පොලිසියේ කීර්ති නාමයට හානියක් වන පරිදි ටික් ටොක්, ෆේස්බුක් සහ යූටියුබ් හි ඡායාරූප, වීඩියෝ මුදාහරින ඕනෑම පොලිස් නිලධාරියෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය තීරණය කර තිබේ.
නියෝගයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් සිටියදී එවැනි අන්තර්ගතයන් සමාජ ජාලවලට මුදාහැර ඇති බවත්, ඇතැම් ඒවා පුළුල් විවේචනවලට ලක්ව ඇති බවත්, එය නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවයේ කීර්ති නාමයට හානි කර ඇති බවයි.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ පොලිස් නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍යවල නිරීක්ෂණය කොට ඒ පිළිබඳව වාර්තා කරන ලෙස රහස් පොලිසිය, පොලිස් මාධ්‍ය ඒකකය සහ පොලිස් තොරතුරු තාක්ෂණ අංශය වෙත උපදෙස් ලබා දී ඇති බවයි.
එලෙස කටයුතු කරන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව දැඩි පියවර ගන්නා බව වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයේ සඳහන් විය.
වරදට හසු වූ ඕනෑම පොලිස් නිලධාරියෙකුට එරෙහිව පියවර ගැනීමේ වගකීම අධීක්ෂණ ජ්‍යෙෂ්ඨ පොලිස නිලධාරියාට පැවරේ.
එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත හැකි බවත්, ඔවුන් පොලිස් සේවයෙන් නෙරපා හැරීමට පවා ඉඩ ඇති බවත් එම නියෝගයේ සඳහන් විය.