දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ආමි සුරංග නැමැත්තා ළඟ තිබී පොලිස් හැදුනුම්පතක් හමුවී ඇත.
එය පොලිස් කොස්තාපල් රියදුරෙකුට අයත් එකක් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
යුද හමුදාවෙන් පළාවිත් සිටින සෙබළෙකු වන මෙම සැකකරු මෙයට දින කිහිපයකට පෙර පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර මෙම පොලිස් හැදුනුම්පත ඔහු සන්තකයේ තිබියදී හමුවූ බවත් එම නිලධාරියා සදහන් කළේය.
අදාල හැදුනුම්පත හිමි පොලිස් නිලධාරියා මේ වනවිට වැඩ තහනමකට ලක් සිටින්නකු බව විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර එය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අතට පත්වූයේ කෙසේදැයි විමර්ශන පවත්වන බවත් එම නිලධාරියා කීය.
එමෙන්ම මෙම පුද්ගලයා එම හැදුනුම්පත භාවිතා කරමින් යම් අපරාධවල නිරතව තිබේදැයි යන්න පිළිබඳවද සොයා බැලෙන වබව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය