අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොදු විපක්ෂය පරදා ජාතික ජන බලවේගය වැලිකන්ද ප්‍රාදේශීය සාභාවේත් බලය පිහිටුවයි!

by editor
ජූනි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ජාතික ජන බලවේගය අද පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවේය. ඒ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වුන අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද 02ක් ලබා ගනිමිනි.

උතුරු මැද පළාත් කොමසාරිස් ඩබ්ලිව්.එම්.රුවන් විජේසිංහගේ ප්‍රධානත්වයෙන් අද (16 ) වැලිකන්ද ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේදී පැවති රහස් ඡන්ද විමසීමකදී ඡන්ද දහයක් හිමිකරගිනිමින්, ජාතික ජන බලවේගය සභාපති අපේක්ෂකයා ලෙස නම් කළ ඩී. ඩබ්ලිව්.වසන්ත ආයතනයේ සභාපති ධුරය හිමිකර ගත්තේය.

උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහාද රහස් ඡන්දයක් පැවැති අතර එහිදී ඡන්ද නමයක් හිමි කරගත් ජාතික ජනබලවේගයේ එම්.එල්.විමලරත්න උප සභාපති ලෙස තේරී පත් වූයේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැලිකන්ද ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බල වේගය සභික ධූර අටක් හිමිකර ගත් අතර විපක්ෂව මන්ත්‍රීධූර නමයක් ලබාගෙන තිබිණ.

ඒ අනුව සමගි ජන බලවේගය සඳහා මන්ත්‍රී ධුර 04 ක් ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා මන්ත්‍රීධූර දෙකක්ද, පොදුජන එක්සත් පෙරමුණ සඳහා මන්ත්‍රී දෙකක් සහ එක්සත් ජාතික පක්ෂය සඳහා මන්ත්‍රී ධුරයක්ද ඇතුළුව මන්ත්‍රී ධූර නවයක් විපක්ෂව හිමි කරගෙන තිබිණි.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

මෙම අවස්ථාවේ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර, සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් ද සභා ගර්භයේ අසුන්ගෙන සිටියහ.

ජන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි තම පක්ෂයට බලය පිහිට වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුද සහාය ලැබීම අගය කරන බව කීවේය.

මීට පෙර ඒකාබද්ධ විපක්ෂය වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීම සඳහා සංචාරක නිකේතනවල මන්ත්‍රීවරු නව දෙනකු රඳවා ගනිමින් සාද පැවැත් වූ බවත්, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තම වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සහය ලබාදීම පිළිබඳව තම පක්ෂය ස්තුති වන්ත වන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමගි ජන බලවේගය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් සඳහන් කළේ, පත් වු අභිනව සභාපතිතුමාට තම කණ්ඩායමේ සුබ පැතුම් එක්කරමින් සහය ලබාදෙන බවය. වැරදි කරන විටදී ඊට විරුද්ධව කටයුතු කිරීමටත්, යහපත් දේ සිදුකිරීමේදී තම කණ්ඩායමේ සහාය ලබාදී වැලිකන්ද ප්‍රදේශය නව රජය යටතේ සංවර්ධනය කිරීමට සහාය ලබාදෙන බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාසා අපරාධය දිට්ඨ ධම්මවේදනීය කර්මයක් ලෙස ඊශ්‍රයාලයට පල දෙන හැටි!

Next Post

කොළඹ නගර සභාවේ මන්ත්‍රීකමක් අරන් සභාව නියෝජනය කරන්න ආවේ රෙද්දක් ඇඳගෙන ද?. ETI තැන්පත් කරුවෝ දීපා එදිරිසිංහගෙන් අසති!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.