මෙවර බ්‍රිතාන්‍යයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා තරඟාවලියට එක්වූ පාකිස්ථාන බොක්සින් ක්‍රීඩකයින් දෙදෙනකු ඉන් පැනගොන් ඇති බව වාර්තවේ.
පාකිස්ථාන බොක්සින් කණ්ඩායම නියෝජනය කළ සුලේමාන් බලොච් සහ නසීල් උල්ලා මෙලෙස පැනගොස් ඇති බවට එරට බලධාරීන් අනාවරණය කරයි.
මෙම ක්‍රීඩකයින් දෙදෙනා පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් පැන යන්නට ඇති බවට සැකකරණ බවද පාකිසථාන මාධ්‍ය අනාවරණ කරයි.
ඒ අනුව පාකිස්ථාන බලධාරීන් විසින් පලාගිය බොක්සින් ක්‍රීඩකයින් දෙදෙනා සොයා ගැනීමට බ්‍රිතාන්‍ය බලධාරීන්ගේ සහය පතන බවටද මාධ්‍ය වාර්තා සඳහන් කරයි
මේ අතර මෙම සිද්ධිය පිළිබද විමර්ශනයක් කිරීමට පාකිස්ථාන ඔලිම්පික් කමිටුව විසින් සිව් පුද්ගල කමිටුවක්ද පත්කර ඇති බවට වාර්තාවේ. පාලාගිය ක්‍රීඩකයින් දෙදෙනා ඉකතු බ්‍රහස්පතින්දා උදෑසන ආහාරය අතරතුරදී පාකිස්ථාන ඔලිම්පික් කණ්ඩායමේ සමාජිකයින් හමුවී ඇති අතර ඉන් පසුව ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පාකිස්ථානයද මේවන විට ශ්‍රී ලංකාවට සමාන දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර එම තත්ත්වය මත බොහෝදෙනා එරටින් පාලා යාමට උත්සහකරමින් සිටියි.