පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබන අංජන කුලතුංග (23) නැමැති සිසුවා පසුගිය 16 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ දෙමව්පියන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඇමතුම් ලබාගත් අවස්ථාවේ දුරකතනයෙන් ප්‍රතිචාර නොමැති වීම නිසා සිසුවාගේ දෙමව්පියන් ඒ පිළිබඳව නවාතැන් පොළේ හිමිකරුට දැනුම් දී ඇත.
ඔහු අද (18) දිනයේදී සිසුවා නවාතැන් ගෙන සිටි කාමාර පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හමුවූ ලිපියක් ද පොලීසියට බාරදී තිබේ.
යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ දෙමව්පියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන් ගෙන් තොරතුරු වීමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පසුගිය 16 වැනිදායින් පසු මෙම සිසුවා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ හිතවතුන් ද පවසා තිබේ. අදාළ නවාතැන් පොළේ මෙම සිසුවා තනිව නවාතැන් ගෙන සිට තිබෙන බව පොලිසිය පවසයි.