වෙසක් පොහොය ලබන්නට පෙර දිනයේ එනම් ඊයේ (04) වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුව මාර්ගයක් අසල දින පහක් වයසැති බිළිඳු දරුවෙක් අත්හැර දමා ගොස් තිබිය දී පොලිිසිය විසින් සොයාගෙන තිබේ.
බිළිදා අත්හැර දමා ගොස් ඇත්තේ වත්ගේතම ඇල්කඩුව මාර්ගයේ ශ්‍රී මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුද්ධ ප්‍රතිමාව අසලය.
මේ වනවිට බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සඳහා වත්තේගම රෝහලට යොමු කිරීමෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා කර ඇත.
දරුවාගේ දෙමව්පියන් සම්බන්ධව තොරතුරු ලැබී නැත. වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි