අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව පිවිසුම ආසන්නයේ සංවිධානය කළ විරෝධතාවයේ දී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, පොදු දේපල දේපල පනත , රජයේ නිලධාරීන්ට බරපතළ තුවාල සිදු කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා සහ නිදහස අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සාමාජිකාවක ඊයෙ (03) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා ලෙස කටයුතු කළ කොස්වත්තගේ චමීර නිරෝෂණ පෙරේරා සහ නිදහස් අධ්‍යාපනය උදෙසා ජන ව්‍යාපාරයේ සාමාජිකාවක වන කෝෂිලා හංසිමාලි පෙරේරාය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැසුවේය.