හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුට එරෙහිව පාස්කු ප්රහාරයට අදාළව ඇති චෝදනා 800ක් පිළිබඳ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.
එම චෝදනා විශේෂ අධිකරණ දෙකක් ඉදිරියේ ගොනුකර ඇත.
මිනීමැරීම, මිනීමැරීමට උත්සහ කිරීම සහ පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඒ අතර ඇති චෝදනායි.
ඔවුන් දෙදෙනාට එරෙහිව 2019 පාස්කු ප්රහාරයට අදාළව මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනීමැරීමේ සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්රදර්ශනය කිරීම කොළඹ මහාධිකරණයේ දී සිදුකරනු ලැබීය.
එසේ කර ඇත්තේ ඔවුන් දෙදෙනාට එරෙහිව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ වෙන වෙනම නඩු විභාග දෙකක් සඳහා අගවිනිසුරු වෙත ඉල්ලීමක් කිරීමටය.
එම ඉල්ලීම ද අද (03) දින නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව ඉදිරිපත් කොට ඇතැයි වාර්තා වේ.