අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උරුමය සමග පා පන්දු ගසන පිට්ටනියක් නොවේ…

උරුම සංරක්ෂණ ක්ෂේත්‍රයේ ලෝ ප්‍රකට විද්වතෙක් වූ ආචාර්ය ගාමිණි විජේසූරිය කියයි

by editor
දෙසැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව උගන්වන සමහර විද්වතුන් විසින්   ආරම්භ කර ඇති බලපොරය නොවිය යුත්තක් බවත්, සරසවියක පුරාවිද්‍යාව ඉගැන්වූ පමණින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර වැනි විශේෂිත පරිපාලන තනතුරක් දැරීම  කළ නොහැකි  බවත් ලෝ ප්‍රකට විද්වතෙක් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සංරක්ෂණ අධ්‍යක්ෂ වරයෙක් ද වූ ආචාර්ය ගාමිණී විජේසූරිය ලංකාසරට පැවසීය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ඉතා සුදුසු පුද්ගලයන් දෙපාර්තමේන්තු‌ව තුළ සිටියදී වුවද යම් විෂයානුබද්ධ දැනුමක් හැර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හැසිරවිය හැකි වෙනත්  කිසිම සුදුසුකමක් නොමැතිව තනතුරු වලට පමණක් පොරකන විද්වතුක් සිටීම අතිශය කනගාටුවට කරුණක් බව පෙන්වා දෙන ඔහු  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අපේ උරුමය සමඟ පාපන්දු ගැසීමට ඇති ක්‍රීඩා පිටියක් නොකර ගත යුතු බවත් ඔහු පවසයි.

වැඩි දුරටත් ලංකාසරට අදහස් දැක්වූ ආචාර්ය ගාමිණි විජේසූරිය මෙසේ පැවසීය.

“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාලනය කරන නීතිය වන්නෙ 1940 පුරාවිද්‍යා ආඥා පනත. එයට අනුව දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන අරමුණ ‘ශ්‍රී ලංකාවේ පුරාවස්තු වඩා හොඳින් සංරක්ෂණයකිරීම’… “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ එහෙයින්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරුට පත් කරනු ලබන පුද්ගලයකු පුරාවිද්‍යා ආඥාපනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුම හා අත්දැකීම් ඇති, රාජ්‍ය සේවයේ නීති රීති හා රෙගුලාසි, ප්‍රසම්පාදන ක්‍රියාවලි පිළිබඳව දැනුවත්ව සිටිය යුතු අයෙකු විය යුතුයි. ශිල්පීන් විශාල සංඛ්‍යාවක් ඇතුළුව තාක්ෂණික මට්ටමේ පුද්ගලයින් කළමනාකරණය පිළිබඳ පළපුරැද්ද ලබා තිබිය යුතුයි. “

දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වන්නේ උරුමය සංරක්ෂණය හා කළමනාකරණය කිරීම.  එම තනතුර පිරවීමට අදහස් කරන කෙනෙකුට මෙම ක්ෂේත්‍රයන්හි පුහුණුව හා අත්දැකීම් තිබිය යුතුයි. ඒ මගේම ප්‍රධාන පාර්ශවකරුවන් වන බෞද්ධ භික්ෂූන් ඇතුළු ප්‍රජාවන් සමඟ වැඩ කිරීමේ අත්දැකීම් සහ පලපුරුද්ද  තිබිය යුතුයි.

ස්වකීය විෂය පථයට අමතරව ආයතනය තුළ පවත්නා අනෙක් විෂයයන් ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් දැනුමක් හා පළපුරුද්ද තිබිය යුතුයි. එම තනතුර ගෞරවනීය එකක් වී ඇත්තේ එය හෙබවූවන් තුළ වූ මේ  පරිපූර්ණ දැනුම මුල් කොට ගත් උරුමයට සම්බන්ධ (ස්වකීය මුල් අධ්‍යාපනය අනුව)  විෂයයන් වූ ඉතිහාසය, භාෂාව, පුරා විද්‍යාව, අක්ෂර විද්‍යාව, වාස්තු විද්‍යාව, සංරක්ෂණය ආදී විෂයානුබද්ධ දැනුමද ඔවුන් තුළ තිබුණු නිසයි.

“නිදහසින් පසු පුරා වසර 70ට අධික කාලයක් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති පුද්ගලයකු මෙම තනතුරට පත්කිරීමට හේතුව මෙයයි. එහෙත් මේ සිද්ධ වෙන දේ මට වැටහෙන්නෙ නෑ…

තනතුරට ඉතා සුදුසු අය දෙපාර්තමේන්තු‌ව තුළ  සිටියදීත් යම් විෂයානුබද්ධ දැනුමක් හැර ඉහත දැක් වූ කිසිම සුදුසුකමක් නොමැතිව තනතුරු වලට පමණක් පොරකන විද්වතුක් සිටීම අතිශය කනගාටුවට කරුණක්.  මේ තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය  යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අපේ උරුමය සමඟ පාපන්දු ගැසීමට ඇති ක්‍රීඩා පිටියක් කරගන්න එපා කියන යෝජනාව මා ඉදිරිපත් කරනවා“ යැයි පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අචාර්ය ගාමිණී විජේසූරිය යනු   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වසර 18 ක් අධ්‍යක්ෂ / වාස්තුවිද්‍යා සංරක්ෂණ ලෙස සේවය කළ, නවසීලන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ උපදේශක ලෙස  වසර 3ක් කටයුතු කළ , ඉතාලියේ පිහිටි යුනෙස්කෝ උරුම සංරක්ෂණ  ආයතනයේ (ICCROM )  ජ්‍යෙෂ්ඨ කළමනාකාරුවෙක් ලෙස  වසර 16 ක් සේවය කළ ලෝ ප්‍රකට විද්වතෙකි. ඔහු දැනට එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ගේ විශේෂ උපදේශක ලෙසත්  චීනයේ ෂැංහයි යුනෙස්කෝ ආයතනයේ  අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ උපදේශකවරයෙක් ලෙසත්,    ICOMOS Sri Lanka ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසත්   කටයුතු කරමින් හිඳී.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ වැටුප් අංශයේ සේකයන් 03කට කොවිඩ්

Next Post

කලම්බො කිංග්ස් පුහුණුකාර හර්ෂල් ගිබ්ස් තනතුරින් ඉවත් කරයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.