බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

සුමන්තිරන් පෙනී සිටී...

by editor
ජනවාරි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරී සිද්ධස්ථානයේ පුරා වස්තු වලට හානි කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කොට සිටි එම ස්ථානයට නුදුරෙන් පිහිටි ආදී ලිංගේස්වර කෝවිලේ ප්‍රධාන පූජකවරයා ඇතුළු තුන් දෙනෙකු වවුනියාව මහේස්ත්‍රාත්වරයා විසින් 27 දා ඇප මත නිදහස් කොට එම නඩුව මහාධිකරණයේ විභාග කළ යුතු නඩුවක් බවට තීන්දු කළේය.

ඒ අනුව ඇප අත නිදහස් වූ තුන් දෙනා වෙනුවෙන් එම නඩුව වවුනියාව මහාධිකරණයේදී මැයි මස 5 වෙනිදා විභාග වීමට නියමිතය.

කෝවිල පිහිටුවා ගත් කටාරම් කෙටූ ලෙන් ආරාමය

නෙඩුන්කේණී පොලීසිය විසින් ගොණු කරණ ලද  නඩුව විභාගයට ගත් පසු ගිය ජනවාරී 22 වෙනිදා පොලීසිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන  ආදී ලිංගේස්වර කෝවිලේ ප්‍රධාන පූජකවරයා ඇතුළු තුන් දෙනා ජනවාරී මස 27 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරණ  ලෙස වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණි.

එම විත්තිකරුවන් තුන් දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ එම ස්ථානය පුරා විද්‍යා ස්ථානයක් වුවත් හින්දු බැතිමතුන්ගේ  වන්දනාමාන කටයුතු සඳහා ආදී ලිංගේස්වර නමින් කෝවිලක් ඇති බවත් විත්තිකරුවන් එම ප්‍රදේශයට ඇතුළු වන්නේ වන්දනාමාන කටයුතු සඳාහා පමණක් බවත්ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අනුරාධපුරයේ රුවන්වැලි සෑය පොළොන්නරුවේ තවත් විහාරස්ථාන මෙන් මේ ස්ථානයද ආගමික ස්ථානයක් බැවින්  ජනතාව මෙන්ම මෙම විත්තිකරුවන් තිදෙනා ගොස් ඇත්තේද ආගමික කටයුතු සඳහා බැවින් ඔවුන්ට ලිහිල් කොන්දේසි මත ඇප නියම කරණ ලෙස සුමන්තිරන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ස්ථානයේ පිහිටි ලී ඉණිමගක් ඉවත් කිරීම හා තවත් පුරා වස්තුවලට මේ පිරිස විසින් හානි සිදු කොට ඇති බව නෙඩුන්කේණී පොලිසිය විසින් අධිකරණයට කළ දැණුම් දීමට අනුව  මෙම නඩුව මහාධිකරණයේ විභාග විය යුතු බව දන්වමින් විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා නඩුව කල් තැබීම සිදු  කරණ ලදී.

නඩුවෙන් පසු මාධ්‍ය අමතමින්

නඩු විභාගයෙන් පසුව මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූ සුමන්තිරන් නීතිඥවරයා කියා සිටියේ පොලීසිය මුලින් මේ නඩුව පවරා ඇති ආකාරය හා ක්‍රමය පසුව සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඇති බවය.

මේ නිසා ආගමික ස්ථානයක ප්‍රධාන පූජකවරයා ඇතුළු එම විත්තිකරුවන් තුන්දෙනා බරපතල වරදක් හෝ පුරා විද්‍යා ආඥා පනත උල්ලංඝනය කොට නොමැති නිසා ඔවුන්ට අධිකරණයෙන් සාධාරණය ඉටු වන බවද  ප්‍රකාශ කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් කොටසක් ඉන්දියාවට තිබිය යුතුයි….

Next Post

ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.