සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවන්නන්ට එන බාධා රජය මැදිහත් වී ඉවත් කෙරේ

by Lanka Sara Editor
දෙසැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවිමේ දී පෞද්ගලික ව්‍යවසායකයන්ට ඇති බාධා ඉවත් කොට ඒ සඳහා සියලු දිරි ගැන්වීම් රජය මගින් ලබාදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා පවසයි.

සෙසු ආයතන මගින් පූර්ව අනුමැතිය ගෙන ආයෝජකයන්ට ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍යාංශයට පවරා ඇත.

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් විදුලි බල උත්පාදනයේ දී පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට නැඹුරු වෙමින් සිටී.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, කෙටිකාලීන ඉලක්ක ඇතිව ක්‍රමානුකූලව සහ කඩිනමින් කළ යුතු බව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විදුලි උත්පාදනය පිළිබඳ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා සඳහන් කළේය.

අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී බලශක්තිය සඳහා වැඩිවන ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ගැනීම රජයේ අරමුණයි. එහි පළමු අදියර යටතේ මන්නාරම දූප‍තේ ස්ථාපිත සුළං බලාගාර පද්ධතිය මෙගා වොට් 30ක ධාරිතාවක් ප්‍රධාන විදුලි බල පද්ධතියට එක් කර තිබේ.

2021 අවසන් වන විට එම ධාරිතාව මෙගා වොට් 100 දක්වා වැඩි කෙරේ. චූන්නාක්කම් සහ පුනරින් යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ද සුළං බලාගාර ඉදි කරනු ලැබේ. සූර්ය බලයෙන් සහ ස්වභාවික වායු යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙගා වොට් සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇත.

ආයෝජන මණ්ඩලය සහ විදුලි බල අමාත්‍යාංශය එක්ව ආයෝජන අවස්ථා හඳුනාගෙන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුයැයි ද ජනාධිපතිවරයා පැවසීය.

සූර්ය කෝෂ මාර්ගයෙන් බලශක්තිය නිෂ්පාදනය සැලසුම් කිහිපයක් යටතේ සිදු කෙරේ. සමෘද්ධි පවුල් ලක්ෂයක් හඳුනාගෙන නිවාස වහල මත සූර්ය කෝෂ ඉදිකර ඔවුන්ට ආදායමක් හිමිවන සේ එක් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ. ඒ සඳහා නිවසකට වැය වන රුපියල් ලක්ෂ 08ක මුදල රජයෙන් දැරිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීහු සහ අදාළ ආයතනවල සභාපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගින්න ඇති වුනේ අධිකරණ භූමියේ අබලි ගබඩාවක… ලිපි ගොනු ඇතුළු කිසිම භාණ්ඩයකට හානි නෑ..

Next Post

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන 30 000 ඉක්මවයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.