දිනසේන රතුගමගේ –
මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු 1 දා දහවල් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.
මහනුවර පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරයා පොලීසියේ ගේට්ටුව අසලදී මෙම වෙඩි තැබීම සිදු කරගෙන ඇත
බරපතලලෙස තුවාල ලැබූ ඔහු මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
.
මෙම පොලිස් නිලධාරියා සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.
පුදුකුඩීඉරිප්පු පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.