පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයින් 08 දෙනෙක් බරපත රෝගී තත්ත්වයට පත් කරමින් සිදුකළ විස කසිප්පු ජාවාරමේ ප්‍රධාන සැකකරු දින දෙකක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට විමර්ශන අංශ අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.
වයස අවුරුදු 47ක් වයසැති ප්‍රධාන සැකකරු ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ ප්‍රධාන සැකකරු ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගෙන ඊයේ (08) මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙසේ රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධව වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි. සිද්ධියට සම්බන්ධ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පසුගිය 7 වනදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.







