සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මදුරෝගේ වෙනිසියුලාව ගැන ඇත්තම කතාව…

by editor
ජනවාරි 8, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

  • බලයෙන් වියරු වුන කෑදර මහල්ලෙකුගේ ගොදුරක් වුන සමාජ සුබසාධනයේ බොලීවියානු ආදර්ශය පිළිබඳ කතාවක්…

ලෝක සිතියමේ දකුණු ඇමරිකානු කලාපයේ පිහිටි වෙනිසියුලාව යනු පසුගිය දශක දෙකක කාලය තුළ ලෝකයේ වැඩිම අවධානයට ලක්වූ රාජ්‍යයකි. 2000 වසරේ සිට ආරම්භ වූ ‘බොලිවේරියානු විප්ලවය’ හරහා එරට සාමාන්‍ය ජනතාව ලැබූ ජයග්‍රහණ මෙන්ම, ඇමරිකානු සම්බාධක හමුවේ නිකොලස් මදුරෝ පාලනය මුහුණ දුන් අභියෝග දෙස ආපසු හැරී බැලීම වටී. මේ ලිපියේ පරමාර්ථය ඒ යතාර්ථය පිළිබඳව සාධනීය සංවාදයක් ඉපදවීමය.

සමාජ සුබසාධනයේ ස්වර්ණමය යුගය (2000 – 2014)

වසර 2000ට පෙර වෙනිසියුලාව යනු ධනය අතළොස්සක් දෙනා අතර බෙදී ගිය, දිළිඳු ජනතාවට අධ්‍යාපනය සහ සෞඛ්‍යය සිහිනයක් පමණක් වූ රටකි. හියුගෝ චාවේස් බලයට පත්වීමත් සමඟ මෙම ක්‍රමය උඩුයටිකුරු විය.

ඔහු විසින් හඳුන්වා දුන් ‘බොලිවේරියානු මෙහෙයුම්’ (Misiones Bolivarianas) හරහා එතෙක් ඉතිහාසයේ නොවූ විරූ සමාජ සුබසාධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක විය. “බායියෝ ඇඩෙන්ට්‍රෝ” වැඩසටහන මඟින් කියුබානු වෛද්‍යවරුන්ගේ සහය ඇතිව මුඩුක්කු ආශ්‍රිතව නොමිලේ සායන පවත්වාගෙන යෑමට චාවේස් රජය කටයුතු කළේය.    දහස් ගණන් ජනතාවට ජීවිතයේ පළමු වරට වෛද්‍ය පහසුකම් ලැබුණි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් කල, “රොබින්සන් මෙහෙයුම” මඟින් සාක්ෂරතාවය ඉහළ නැංවූයේය.    වැඩිහිටි අධ්‍යාපනය සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක විය.  රජයේ විශ්වවිද්‍යාලවලට ඕනෑම අයෙකුට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලදී.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

මදුරෝ පාලනය සහ නිවාස විප්ලවය

2013 දී හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු නිකොලස් මදුරෝ බලයට පත් වූයේ දැවැන්ත ආර්ථික බිඳවැටීමක් සහ ජාත්‍යන්තර පීඩනයක් පවතින පසුබිමකය. එසේ වුවද, ඔහු “ග්‍රාන් මිෂියන් විවියෙන්ඩා” (Gran Misión Vivienda Venezuela) හෙවත් ජාතික නිවාස වැඩසටහන පෙර නොවූ විරූ මට්ටමින් ඉදිරියට ගෙන ගියේය  මුඩුක්කු වෙනුවට නවීන මහල් නිවාස ඉදිවිය.

අද වන විට වෙනිසියුලාව වසරක් තුළ වැඩිම නිවාස සංඛ්‍යාවක් ඉදිකර ජනතා අයිතියට පත් කරන රටවල් අතර ඉදිරියෙන් සිටී. කරකස් අගනුවර වටා පැවති අනාරක්ෂිත මුඩුක්කු නිවාස වෙනුවට නවීන පහසුකම් සහිත නිවාස සංකීර්ණ  ඉදිවූයේය.  රජය පවසන පරිදි මෙතෙක් නිවාස මිලියන 4.6කට අධික ප්‍රමාණයක් ඉදිකර තිබේ. මෙය ලෝකයේ වෙනත් කිසිදු රටක සිදු නොවූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකි.‍

ඇමරිකානු සම්බාධක සහ ආර්ථික යුද්ධය

2014 වසරේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දැඩි සම්බාධක පැනවූයේ එරට ආර්ථිකය අඩපණ කර මදුරෝ පාලනය පෙරළා දැමීමේ අරමුණිනි. තෙල් අපනයනය සීමා කිරීම සහ විදේශ බැංකුවල ඇති වෙනිසියුලානු රුපියල් බිලියන ගණනක මුදල් අත්හිටුවීම හරහා රට තුළ ආහාර සහ ඖෂධ හිඟයක් ඇති කිරීමට ඔවුහු උත්සාහ කළහ.

මෙම අසීරු කාලසීමාව තුළ මදුරෝ රජය විසින් CLAP (Local Committees for Supply and Production) නම් වැඩසටහන හඳුන්වා දුන්නේය. මෙමඟින් ඇමරිකානු ආර්ථික සම්බාධක හමුවේ අසරණ වූ පවුල් මිලියන ගණනකට සහනාධාර මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෘජුවම නිවසටම ලබා දීමට පියවර ගැනුණි. මෙය ඇමරිකානු පීඩනය හමුවේ ජනතාව රැක ගැනීමට ගත් ප්‍රශංසනීය පියවරකි.

ඇමරිකානු ඒකාධිකාරයට අභියෝග කිරීම සහ බහුධ්‍රැවීය ලෝකයක් කරා යාම

නිකොලස් මදුරෝගේ විදේශ ප්‍රතිපත්තිය සැකසී තිබුණේ ඇමරිකානු බලපෑමෙන් මිදුණු ‘බහුධ්‍රැවීය ලෝකයක්’ (Multipolar World) ගොඩනැගීමේ අරමුණ ඇතිවය. මදුරෝ පාලනය විසින් රුසියාව සහ චීනය සමඟ පවත්වන ලද සමීප යුධ සහ ආර්ථික සබඳතා ඇමරිකාව දැඩි ලෙස කුපිත කිරීමට ප්‍රධාන හේතුවක් විය. විශේෂයෙන්ම, ඇමරිකාවේ ‘ගෙවත්ත’ ලෙස සැලකෙන ලතින් ඇමරිකානු කලාපය තුළ රුසියානු යුධ නැව් සහ ගුවන් යානා මෙහෙයුම්වලට අවසර දීම, වොෂින්ටන් පාලනය සිය ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස සැලකීය.

මීට අමතරව, ඇමරිකානු ඩොලරය මත පදනම් වූ ගෝලීය මූල්‍ය ක්‍රමයට අභියෝග කරමින්, ඉරානය වැනි රටවල් සමඟ රන් සහ වෙනත් ක්‍රමවේද හරහා තෙල් ගනුදෙනු කිරීම නිසා ඇමරිකාව මදුරෝ රජය තවදුරටත් කොන් කිරීමට පියවර ගත්තේය.

බලශක්ති දේශපාලනය සහ ප්‍රාදේශීය නායකත්වය

වෙනිසියුලාව සතු ලොව විශාලතම තෙල් සංචිතය ඇමරිකානු සමාගම්වල පාලනයෙන් බැහැරව රජය සතු කර තබා ගැනීම මදුරෝ කළ විශාලතම “අකීකරුකම” ලෙස ඇමරිකාව දකියි. මදුරෝ පාලනය යටතේ වෙනිසියුලාව, ඇමරිකානු හිතවාදී රටවල් කලාපයෙන් හුදකලා කිරීමට උත්සාහ කළ අතර, ඒ වෙනුවට කියුබාව, නිකරගුවාව සහ බොලිවියාව වැනි වාමාංශික රාජ්‍යයන් සමඟ ශක්තිමත් දේශපාලන සන්ධානයක් (ALBA) ගොඩනඟා ගත්තේය.

ඇමරිකාව විසින් පත් කරන ලද “අන්තර්වාර ජනාධිපතිවරුන්” පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, මදුරෝ දිගින් දිගටම ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම නිසා ඔහු “ඇමරිකාවට එරෙහි ලතින් ඇමරිකානු හඬ” ලෙස ප්‍රසිද්ධ විය. මෙය ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික බලය දැඩි ලෙස හෑල්ලුවට ලක් කළ සිදුවීමක් විය.

2021 සිට වර්තමානය: නව පිබිදීම

කැරකස් අග නගරය…

2021 වසරෙන් පසු වෙනිසියුලාව නව මාවතකට අවතීර්ණ වූයේය.  රජය විසින් ආර්ථිකය යම් මට්ටමකට විවෘත කිරීමත් සමඟ අධි උද්ධමනය පාලනය කිරීමට හැකි විය. ඇමරිකානු ඩොලරය රට තුළ ගනුදෙනු සඳහා නිල නොවන ලෙස භාවිත කිරීමට ඉඩ දීමෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රය නැවත පණ ගැන්වුණි.

අද වන විට කරකස් නගරය යනු දකුණු ඇමරිකාවේ කාර්යබහුල සහ නවීන අගනුවරකි. ජාත්‍යන්තර මාධ්‍ය මඟින් මදුරෝ පාලනය ඒකාධිපති පාලනයක් ලෙස හඳුන්වනු ලැබුවද, දේශීය වශයෙන් ඔහු තවමත් දුප්පත් ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස සැලකේ. මදුරෝ රජය රුසියාව, චීනය සහ ඉරානය වැනි රටවල් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගනිමින් ඇමරිකානු ඒකාධිකාරයට අභියෝග කිරීමට කටයුතු කිරීම අවසානයේ කෙළවර වූයේ ඔහු සිර කරුවෙක් ලෙස පැහැර ගැනීමට ඇමරිකාව කටයුතු කිරීමෙනි.

මදුරෝ පැහැරගත් පසු වැනිසියුලාව

නිකොලස් මදුරෝ බලයෙන් පහ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ හිතවාදී පාර්ශවයන් විවිධ උපක්‍රම භාවිතා කළහ. විශේෂයෙන්ම 2019 වසරේදී ජුවාන් ගුවයිඩෝ (Juan Guaidó) නම් විපක්ෂ නායකයා “අන්තර්වාර ජනාධිපති” ලෙස ප්‍රකාශයට පත් කරමින්,  මදුරෝ පැහැර ගැනීමට හෝ හමුදා කුමන්ත්‍රණයක් හරහා බලයෙන් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් දරන ලදී.

ඇමරිකාව විසින් මදුරෝගේ හිසට ඩොලර් මිලියන ගණනක තෑග්ගක් පවා ප්‍රකාශයට පත් කරමින් ඔහුව ජාත්‍යන්තර වශයෙන් හුදකලා කිරීමට කටයුතු කළේය. එහෙත්, වෙනිසියුලානු හමුදාව සහ බහුතර සාමාන්‍ය ජනතාව මදුරෝ වටා රොක් වීම නිසා එම සියලු උත්සාහයන් අසාර්ථක විය.

මෙම කුමන්ත්‍රණකාරී වටපිටාව තුළ වුවද, මදුරෝ පාලනය බිඳ නොවැටී පවත්වාගෙන යාම හරහා ඔහු ඔප්පු කර සිටියේ බාහිර බලවේගවලට රටක අභ්‍යන්තර දේශපාලනය තීරණය කළ නොහැකි බවයි. අද වන විට වෙනිසියුලාව පවතින්නේ තීරණාත්මක සන්ධිස්ථානයකය. ජාත්‍යන්තර මාධ්‍ය මඟින් මදුරෝ පාලනය දැඩි ලෙස විවේචනය කළද, ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව සිය ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින්, ජනතාවට සහන සැලසීමේ “බොලිවේරියානු ආදර්ශය” ඔහු අත්හැර නැත.  “නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍යය”   වෙනිසියුලානු පුරවැසියාගේ අනුල්ලංඝනීය අයිතියක් බවට පත් කිරීමට චාවේස් මෙන්ම මදුරෝ ද සමත් වූයේය.

ලොව දරුණුතම සම්බාධක හමුවේ වුවද මිලියන සංඛ්‍යාත නිවාස ඉදි කරමින් සහ නොමිලේ සෞඛ්‍ය පහසුකම් පවත්වාගෙන යමින්, මදුරෝ පාලනය ලෝකයට කියා දෙන්නේ මර්දනය හමුවේ වුවද ජනතා හදගැස්ම හඳුනා ගන්නා නායකයෙකුට නොසැලී සිටිය හැකි බවයි. විදේශීය කුමන්ත්‍රණවලින් බැට කෑ වෙනිසියුලාව, දැන් නැවතත් තම දේශීය ශක්තියෙන් නැගී සිටීමට පටන් ගෙන ඇත.  එය වලක්වා වෙනිසියුලාව සතු මහා සම්පත් අත් කරගැනීමේ ට්‍රම්ප් ගේ කෑදරකම නවතින තැන ගැන මේ වනවිට ලෝකයා බලාගෙන සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුවේට් බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක් නිසා පැය දෙකකට පසු යළි ගෙන්වා ගනී!

Next Post

පුද්ගලයින් 06ක් මරණයට පත් කළ විස කසිප්පු ජාවාරමේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරයි !

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.