දිනසේන රතුගමගේ –
සිය පුතා මේවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් නොවීම පිළිබදව කම්පනයට පත් වූ කිළිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ මවක් 16 දා වස පානය කොට ඇතැයි වාර්තා වේ.
අවට ගම්වාසීන් ඇයට ප්‍රතිකාර ලබා දී කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇය දැනට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි.
නිවසේ උදවිය පොලීසියට පවසා ඇත්තේ කාන්තාවගේ පුතා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වීම නිසා අය දැඩි මානසික කම්පනයකින් සිටි බවය.
පසුව ඇය නිවස් පිටුපසට ගොස් කුඹුරට ඉසීමට රැගෙන විත් තිබූ වස වර්ගයක් පානය කළ බවත් නිවැසියන් කියා ඇත.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.