කීර්ති ප්‍රනාන්දු –
පුත්තලම නගරසභාවේ වත්මන් සභාපති හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ කේ.ඒ.බායිස් හදිසි අනතුරකට ලක් වීමෙන් අද ( 23) සවස මියගොස් ඇතැයි පුත්තලම රෝහල් පොලීසිය පවසයි.
වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි සභාපතිවරයාට අයත් ඉඩමක සිටියදී මෙම හදිසි අනතුරට ලක් වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරට පත් සභාපතිවරයා අසාධ්‍ය තත්වයෙන් යුතුව ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට රැගෙන යමින් සිටිය දී මියගොස් ඇතැයි වාර්තාවේ.
මේ වනවිට මෘතශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර තිබේ..