පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සිදු කරන දිනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම අද (21දා) මධ්‍යහ්න 12.00ට අවසන් වනු ඇත.
නාම යෝජනා භාරගැනීම අවසන් වූ පසුව ඒ පිළිබඳ විරෝධතා පළ කිරීමට පැයක පමණ කාලයක් ලබාදෙන අතර ඉන්පසු විරෝධතා සලකා බලා පිළිගත් හා ප්‍රතික්‍ෂේප කළ නාම යෝජනා පත්‍ර අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම කියයි.
නාමයෝජනා පත්‍ර භාර ගැනීම ඉකුත් 18 වැනිදා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලවලදී ආරම්භ විය.
මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම් ඊයේ දිනයේදී ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරිණි.