තමන්ට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන්ට ප්‍රතිකාර කළ අඟුරුවැල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා බරපතල තත්වයක් ඇති වී තිබේ.
මෙම වෛද්‍යවරයාත් ඔහුගේ වෛද්‍ය බිරියත් එක්ව පවත්වාගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රදේශයේ බෙහෙවින්ම ප්‍රසිද්ධියක් උසුලන බවත් මෙම ප්‍රතිකර මධ්‍යස්ථානයෙන් දිනකට රෝගීන් 150 -200 අතර පිරිසක් ප්‍රතිකාර ගන්නා බවත් වාර්තා වේ.
පසුගිය 26 දා පී.සී.ආර් පරීක්ෂණය කරගෙන පැමිණ ඔහු ඊයේ දිනයේත් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රෝගීන්ට ප්‍රතිකාර කර ඇත.
මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ප්‍රතිකාර කිරීමේදී මුහුණු ආවරණ පැළඳ සිට නොමැති අතර, පැමිණෙන රෝගීන්ට දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය ජලය හෝ දෑත් පිරිසිදුකාරක දියර ලබාදී නොමැති බවටත් පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යෑම ද ඉතා අවම මට්ටමක තිබී ඇති බවටත් පැමිණිලි ලැබී ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය දින 14ක කාලය තුලදී මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලැබූ සියලුම රෝගීන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස සලකා නිරොධායනය සඳහා යොමු කරන බව කියන වෛද්‍ය අංශ එම පිරිස 1000-1500 ත් අතර වනු ඇතැයි ගණන් බලා තිබේ.
කොටියාකුඹුර, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලපිටමඩ ඇතුළු ප්‍රදේශවල සිට මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි යම් පුද්ගලයෙක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස රුවන්වැල්ල ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටිති.