වත්තල ප්‍රදේශයේදී පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සහති පතරොම් ගැබක් සන්තකයේ තබා ගත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් ඊයේ (08) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් නවත්වා විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේ දී ආසනය යට සඟවා තිබූ මෙම ගිනි අවිය සහ පතොරොම් ගැබ පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී ඇත.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී, සැකකරු හෙළි කර ඇත්තේ වෙනත් පුද්ගලයෙක් වෙත භාර දීම සඳහා ගිනි අවිය රැගෙන යමින් සිටි බවකි. වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
විමර්ශන ක්‍රියාත්මකය







