ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව බදු ලිපි ගොනු 30,000ක් විවෘත කිරීමට රජය සූදානම්!

by editor
නොවැම්බර් 9, 2025
in පුවත්
Income_tax_return
Share on FacebookShare on Twitter

VAT බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලියාපදිංචි කිරීමේ සීමාව අඩු කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාවත් සමඟ, රුපියල් බිලියන 150කට වැඩි ආදායමක් ඉලක්ක කර ගනිමින් නව බදු ලිපිගොනු 25,000 සිට 30,000 දක්වා ප්‍රමාණයක් විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

2026 අයවැය මඟින්  VAT  සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දේ  වාර්ෂික සීමාවන් රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

අනෙක් අතට, බදු ජාලය යටතේ සිල්ලර බඩු සාප්පු ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතනවලට දිනකට සාමාන්‍ය පිරිවැටුම රුපියල් 100,000 ක් නම් බදු සඳහා ලියාපදිංචි වීමට දැන් බල කෙරෙනු ඇති අතර, බදු බර පාරිභෝගිකයින් මතට මාරු කිරීමට ඉඩ තිබේ.

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු, ලබන වසරේ අප්‍රේල් 1 වන දින සිට මෙම නව බදු ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ   ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ  පාරිභෝගිකයින්ට බද්ද පැවරීමට අපේක්ෂා නොකළත් එය වෙළඳුන් විසින් එය පාරිභෝගිකයා මත පැටවීම නොවැළැක්විය හැකි බවයි.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

පසුගිය වසරේ දේශියය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කය රුපියල් බිලියන 2,085 ක් වූ බවත්, මේ වන විට එම ඉලක්කයෙන් සියයට 88 ක් සපුරා ඇති අතර  නියමිත ඉලක්ක ඉක්මවා යා හැකි බවට අපේක්ෂා කරන බවත් සන්ඩේ ටයිම්ස් වෙත එම නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

ඉලක්ක කරගත් අංශ අතර කුඩා පරිමාණ හෝටල් ද ඇති බව ඔහු පැවසීය.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ  මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ද වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන පැවසුවේ සීමාව අඩු කිරීමට එක් හේතුවක් වූයේ ප්‍රධාන ව්‍යාපාරය  ලියාපදිංචි කිරීම් දෙකක් හරහා  කිරීමෙන් සමහර සමාගම් විසින් සිදු කරන ලද බදු පැහැර හැරීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට බවය. .

සමාජ ආරක්ෂණ බද්ද ගෙවීම පැහැර හරින වාහන ආනයනකරුවන්ට ද නව බදු පියවර යටතේ බද්ද ගෙවීමට සිදුවන බව ඔහු පැවසීය.

මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් එන්.එම්.එම්. මිෆ්ලි සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බදු ජාලය යටතට ගෙන ඒම සඳහා සීමාව අඩු කිරීම අසාධාරණ බවය. මන්ද බොහෝ සිල්ලර වෙළෙන්දන්  වැට් ලියාපදිංචි ආනයනකරුවන් සහ නිෂ්පාදකයින්ගෙන් භාණ්ඩ මිලදී  ගන්නා බව ඔහු පෙන්වා දෙයි.

“බදුකරණය සම්බන්ධයෙන් සාධාරණත්වය ඉතා වැදගත්. බදු ගෙවන්නන්ට බර දරා ගැනීමට ඇති හැකියාව අප සලකා බැලිය යුතුයි,” ඔහු අවධාරණය කළේය. ( සන්ඩේ ටයිම්ස් )

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිස්තෝලයක් සහ ජීව උණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි යාපනයේ වැසියන් 02ක් වත්තල දි අත් අඩංගුවට…

Next Post

අසභ්‍ය වීඩියෝ වෙබ් අඩවියකට මුදා හළ මනෝ විද්‍යා උපදේශ බිරිය සහ ඉංජිනේරු සැමියා අත් අඩංගුවට…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.