පාස්තු ප්‍රහාරය විමර්ශණය කිරීමේ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වනවිට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් පවතින බව වාර්තා වේ. පිටු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම දැවැන්ත වාර්තාවේ වෙළුම් ගණනාවක්ම මේ වනවිට මුද්‍රණය වි ඇති අතර එහි අවසන් වෙළුම් මේ වනවිට ම්‍රදුණය වෙමින් පවතින බව කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කොමිසමේ ලේකම්වරයාගේ දැඩි නිරීක්ෂණය යටතේ උපරිම රහස්‍යභාවයකින් යුතුව මුද්‍රණ කටයුතු සිදු කෙරන අතර මෙම කටයුතු නිමා වීමෙන් පසු හෙට කොමිසමේ සභාපති විනිසුරු ජනක්ද සිල්වා මහතා ප්‍රමුඛ සාමාජිකයන් විසින් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දිමට නියමිතය.
2019 වසරේ අප්‍රියෙල් මස 21 පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද මෙම ජනාධිපති කොමිසම විසින් සිදු කරන ලද විමර්ශෂණ සහ මෙම කොමිසමේදී ලබා දුන් සාක්ෂි සියල්ල අඩංගු කොට මෙම වාර්තාව සකස් කිරීම ආරම්භ කළේ කොමිසමේ කටයුතු නිම වීමට ආසන්න වන විටදීය. අදින් (ජනවාරි 31) මෙම කටයුතු නිම වෙන අතර එහි අවසන් වාර්තා ව මේ අනුව හෙට භාර දීමට නියමිතය.