ලලිත් චාමින්ද –
පිටිගල ගුරුවල හා අම්බලන්ගොඩ ගලගොඩ යන ප්‍ර දෙශවල දි ඊයේ (11) රාත්‍රි වෙඩි තබා පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරිම හා හය දෙනෙකුට තුවාල සිදුකිරිම සම්බන්දව විමර්ශන කටයුතු සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බව දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කර්යාලය පවසයි.
ගාල්ල මාතර අපරාධ කොට්ඨාශවලින් විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් හා අම්බලන්ගොඩ මුලස්ථාන පොලිසිය මගින් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ සඳහා යොදවා ඇති බවද පොලිසිය පවසයි.
සංවිධනාත්මක අපරාධ කල්ලියක් විසින් මෙම ඝාතන කොට ඇති බවද පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ ගලාගොඩ හා පිටිගල ගුරුවල යන ප්‍ර දේශවලදි වු වෙඩි තැබිම් දෙකකින් සිව් දෙනෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව දකුණු පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කාර්යාලය පවසයි
වෙළදසැල් දෙකක් ඉදිරිපිටියදි මෙම වෙඩි තැබිම් සිදුවි ඇති අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙකි වෙඩි තැබිම සිදුකොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
පිටිගල ගුරුවල හොරංගල්ල ප්‍රදේශයේ දි වු වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ වෙළදසැලට භාණ්ඩ මිලදි ගැනිම සදහා පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරදු 31 හා 27 වැනිවියේ පසුවන්නන්ය. මොවුන් කරන්දෙණිය සහ ගුරුවල ප්‍ර දේශයෙ පදිංචිකරුවෝ වෙති.
වෙළදසැලේහිමිකරු ඉලක්කකරගෙන මෙම වෙඩිතැබිම සිදුවි ඇතිබව පොලිසිය පවසයි. යතුරුපැදියෙන් පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු යතුරුපැදියෙන් බසිනවාත් සමග ටි 56ගිනි අවියකින් වෙඩිතබාගෙන බැස තිබේ. ඒ සමග වෙළදසැල් හිමියා ඔහුගේ බිරිය හා වෙළදසැලට පැමිණ සිටි කාන්තාවක් ඇදගෙන වෙළඳසැළේ පිටුපස දොරෙන් පලාගොස් ඇත.
වෙඩි තැබිමෙන් වෙළදැල් හිමියාට කිසිදු අනතුරක් වි නොමැති අතර ඔහු ගේ බිරිද සහ තවත් කාන්තාවක් හා වෙළදසැලට පැමිණි පිරිමි අයෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව පොලිසිය පවසයි.
වෙළදසැල ඉදිරිපිට තිබි ටි 56 උණ්ඩ කිහිපයක්ද හමුවි ඇති බව පොලිසිය පවසයි. මෙම වෙළදසැල් හිමියා 2022 වර්ෂයේ දි නියාගම ප්‍රදේශයේ දි වු මනුෂ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවි ඇති අයෙකු බවද පොලිසිය පවසයි.
අනික් වෙඩි තැබිම සිදුවි ඇත්තේ අම්බලන්ගොඩ ගලගොඩ ප්‍ර දේශයේ වෙළදසැලක් ඉදිරිපිටදි වන අතර එම වෙඩි තැබිමෙන් වෙළදසැල් හිමියාගේ පුතා සහ තවත් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා 22 හා 26 වැනිවියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. වෙඩි තැබිමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකොට ඇතිබව පොලිසිය පවසයි.