ශ්‍රි ලංකාවට විදේශ රටවලින් ගෙන්වනු ලබන ඉස්ලාමීය ආගමික කරුණු ඇතුළත් පොත් මෙරටට ගෙන්වීමේදි ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට නියෝග කර තිබේ.
පසුගිය මාසයේ එක්තරා ඉස්ලාමීය පොත් ආනයනකරුවෙක් මෙරට ආගමික සංහිඳියාට බාධා කරන සලාෆි සහ වහාබ් අන්තවාදී මතය පතුරුවන ග්‍රන්ථ හතරක් ගෙන්වා ඇති බව අනාවරණය වීමෙන් පසුව මෙම තීරණය ආරක්ෂක අමාතයංශය විසින් ගනු ලැබ ඇත.
මේ වනවිට රේගුවේ සියලුම අංශ වෙත සහ ඉස්ලාම් ආගමික කටයුතු පිළිබඳව දෙපාර්තමේන්තුවටත් බුද්ධ ශාසන සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයටත් ආරක්ෂක අමාත්‍යංශය විසින් අදාළ උපදෙස් ලබා දී ඇති අතර පසුගිය 05 වැනිදා සිට මෙම නියෝගය ක්‍රියාත්මක වන බව රේගු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.