ජපානයේ ටෝකියෝ නුවරදී මේ වනවිට පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ලෝක වාර්තාවක් ද තැබූ දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මෙම ත්‍යාග මුදල ලබාදීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එදිරිසූරිය මහතා පවසයි.
මෙම ක්‍රීඩා උළෙලේදීම හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට ද රුපියල් කෝටි දෙකක් පිරිනැමීමට ද තීරණය කර ඇත.
දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර තිබේ.