අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා, පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි වූ ශ්‍රී ලාංකිකයින්ගේ ගනුදෙනු සම්බන්ධ සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බව අද තම නීතිඥයා මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට දන්වා ඇත.
ඔහුගේ නීතිඥ ප්‍රනාන්දු මහතා අද මේ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිනි ඊවා වනසුන්දර මහත්මිය වෙත දැනුම් දී තිබේ.
ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය හෙවත් ICIJ විසින් පසුගියදා එළි දක්වන ලද ආන්දෝලනාත්මක පැන්ඩෝරා අයථා ගනුදෙනු පිළිබඳව වාර්තාවේ පිළිබඳ වාර්තා වේ නම් සඳහන් වූ ශ්‍රී ලාංකිකයන් වන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේශන්ගේ සම්බන්ධතා පිළිබඳ සාක්ෂි, සිය සේවාදායකයා වන රංජන් රාමනායක විසින් ඉදිරිපත් කිරීමට සූදානම් බවට ඒ අනුව දැනුම් දී තිබේ.
එසේම, දැනට ජනාධිපතිවරයා ගේ නියමයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් මේ සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට තම සේවාදායකයා සුදානමින් සිටින බව මෙහිදී අදාල නීතිඥවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දන්වා තිබේ.