අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරක තාලිබ්ලා හා එක්ව අල්කයිඩා සංවිධානයට ආධාර කළ බව කී බේරුවල නිසාර් ගේ කතාවේ මුල මැද අග…

by editor
නොවැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ –

අල්- කයිඩා ත්‍රස්ත සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන්නකුගේ ව්‍යාපාර සගයෙක් ලෙස හඳුනාගත් ශ්‍රී ලාංකිකයකුට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදෙස් වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවනු ලැබුවේය. ඒ  පසුගිය 10 වැනිදා ය.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් ඒ ගැන නිල වශයෙන් කළ දැනුම්දීම්වලට අනුව එසේ සම්බාධක පනවනු ලැබූ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයා වනුයේ මොහොමඩ් හරිස් නිසාර් ය. ඔහු පදිංචි බේරුවලය.

බේරුවල ව්‍යපාරික මෙහොමඩ් හරීස් නිසාර් සිය   ව්‍යාපාරික සගයෙක් ලෙස ලුක්මාන් තාලිබ් ඉස්මයිල් නැමැත්තා සමග කටයුතු කර තිබිණි.

තාලිබ් අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන ලද පුද්ගලයෙක් ලෙස    එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හෙළිදවු කරගෙන සිටියේය.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත්  අනාවරණය කරගෙන තිබුනේ තාලිබ් විසින්   අල්කයිඩා සංවිධානයට   ලබාදී ඇත්තේ මූල්‍යමය ආධාර පමණක්  නොවන බවය. ඔහු අල් කයිඩා සංවිධානයේ  ද්‍රව්‍යමය, තාක්ෂණික හා සේවා අවශ්‍යතාද සපුරා තිබිණි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

විශේෂත්වය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය හෙළි කරන අල්කයිඩා සංවිධානය සමග සම්බන්ධ තාලිබ් පවුල   1995 වනතුරු ශ්‍රී ලංකාවේ ජීවත් වෙමින් සිටීමය. තාලිබ්ලා 1995දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි පුරවැසි භාවය ලබා ගන්නට පෙර ශ්‍රී ලාංකිකයන්ය.

තාලිබ් පවුල –

අහමඩ් තාල්බ් ලුක්මාන් තාලිබ් යනු  විද්වතෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙකි.  හේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරයකු සහ විද්‍යාත්මක පර්යේෂකයකු ලෙස  කටයුතු කරමින් සිටියේය. එහෙත් වර්ෂ 1980 දී  ජමාතේ ඉස්ලාමියා ශිෂ්‍ය ව්‍යාපාරය මෙරට   ස්ථාපිත කිරීමට මුල් වී ක්‍රියාකළ කිහිප දෙනා අතර අහමඩ් තාලිබ් ලුක්මාන් තාලිබ් ද වූයේය. එම සංවිධානයේ ආරම්භක සභාපතිවරයා ඔහුය.

ඔහුට පුතුන් දෙදෙනෙක් විය. ඒ එක් අයෙක් වන්නේ ලුක්මාන් තාලිබ් ඉස්මයිල්ය. ඔහු ඉපදී ඇතැයි සඳහන් වන්නේ එංගලන්තයේදීය. අනෙකා ලුක්මාන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලාය. ඔහු ඔස්ට්‍රෙලියානු පුරවැසියෙකි.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදෙස් වත්කම් පාලන කාර්යාලය විසින් බේරුවල ව්‍යාපාරික මොහොමඩ් හාරිස් නිසාර්ට සම්බාධක පැනවෙන්නේ   අහමඩ් තාලිබ් ලුක්මාන් තාලිබ්ගේ දෙවැනි පුතා වන ලුක්මාන් තාලිබ් ඉස්මයිල් සමඟ ව්‍යාපාර කරන්නට ගොසිනි. අමෙරිකානු විමර්ශන ඒජන්සි විසින් හෙළිකරගෙන ඇති ආකාරයට අනුව අල් -කයිඩා ත්‍රස්ත සංවිධානයට මූල්‍ය පහසුකම් සපයා ඇති පුද්ගලයා ඔහුය.

තාලිබ් පවුල පාස්කු ප්‍රහාරය සමග හෙළිදරවු වන අයුරු

තාලිබ්ලා ගැන මුලින්ම හෙළිදරව් වන්නේ තාලිබ් පවුලේ වැඩිමහල් පුතා වන අහමඩ් ලුක්මාන් තාලිබ් සම්බන්ධවය. ඔහු අබු අබ්දුල්ලා ලෙස ද පෙනී සිටියේය.

ඔහු ගැන මුලින්ම එළියට එන්නේ 2019 වසරේදී මෙරට දේවස්ථාන තුනක් සහ හෝටල් තුනක් ඉලක්ක කරගෙන එල්ල වුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟිනි. අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ පවා අහමඩ් ලුක්මාන් තාලිබ් හෙවත් අබු අබ්දුලාල ගැන තොරතුරු සොයන්නට  උනන්දුවක් දක්වන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් ඔහු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුවිශේෂි කරුණු රැසක් අනාවරණය කර ගැනීමත් සමඟය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ද අහමඩ් ලුක්මාන් තාලිබ් හෙවත් අබු අබ්දුල්ලා ගැන පමණක් නොව, ඔහුගේ මුළු පරම්පරාව ගැනම සඳහන්ය.

ලංකාව තුළ අන්තවාදී හැසිරීම

ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම් ලබාගෙන සිය බිරිය ද සමඟ   එරට පදිංචියට ගියද තාලිබ් පවුල ශ්‍රී ලංකාව සමඟ පවත්වාගත්  සම්බන්ධකම් බිඳ වැටුනේ නැත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ තාලිබ්ලාගේ නම් එළියට එන්නේද එබැවිනි.

මහාචාර්යවරයෙක් ලෙස සමාජය ඉදිරියේ කටයුතු කරන  අහමඩ් තාල්බ් ලුක්මාන් තාලිබ් ගේ වැඩිමහල් පුතාවන ලූක්මාන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා   2014 සිට අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ ගොස් තිබිනි. හඳුනාගෙන ඇති ආකාරයට ඔහු ඉස්ලාම් අන්තවාදය මෙරට වැපිරවීමට මුල්වූ ක්‍රියාකාරිකයෙකි.

අවසන් වරට ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි කියැවෙන්නේ 2017 දෙසැම්බර් 20 වැනිදාය. නැවත මෙරටින් පිටත්ව ගියේ යැයි සඳහන් වන්නේ 2018 ජනවාරි 10 වැනිදාය.

මේ ගැන කරුණු අනාරවරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන ඔස්සේය. ඊට අමතරව පාස්කු කොමිෂන් සභා වාර්තාවේද මේ ගැන සටහන් රැසක්ම ඇත්තේය.

පාස්කු ප්‍රහාරයෙන් එළියට මහාචාර්ය තාලිබ්ගේ පුතා -අබු අබ්දුල්ලා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලදී මුලින්ම එළියට එන්නේ ලුක්මාන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලාගේ නාමයයි. එය හෙලි වන්නේ  ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් උමාර් නැමැත්තාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේය.

සාදික් අබ්දුල්ලා යනු පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෙකි. මාවනැල්ලේ බුදු පිළිම කඩා බිඳ දැමීමට නායකත්වය දුන්නේද ඔහුය. පාස්කු ප්‍රහාරයෙන් පසු සාදික්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ගම්පොල නගරයේ පිහිටි පාවහන් වෙළදසැලක සැඟවී සිටියදීය.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් ඉදිරියේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එදා හෙළිකර ගන්නේ ලුක්මන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා සමඟ ඔහු 2014 වසරේ සිටම සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගොස් ඇති බවය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පාස්කු කොමිසමේදීත්   හෙළිදරව් වන කරුණුවලට අනුව මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමට නායකත්වය දුන් මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා නොහොත් අබු උමර් තුර්කිය හරහා සිරියාවට යවා දින 40ක අවි පුහුණුවක් ලබාදීමට මුල්වී ඊට  පහසුකම් සපයා ඇත්තේ මහාචාර්ය වරයෙක් බව කී  අහමඩ් තාල්බ් ලුක්මාන් තාලිබ් සහ ඔහුගේ වැඩිමහල් පුත් ලූක්මන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා යන පිය පුතු යුවළ විසිනි. ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා නොහොත් අබු උමර් සිරියාවට ගොස් එම අවි පුහුණුව ලබා ඇතැයි කියැවෙන්නේ 2014 වසරේදීය.

2014 වනවිට  ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමියා ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයා වූයේ මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලාය.  ජමාතේ ඉස්ලාමියා ව්‍යාපාරය ලංකාවේ පිහිටවනු ලැබුවේ අබු අබ්දුල්ලාගේ මහාචාර්ය තාත්තාය.   සිරියාවේ අවි පුහුණුව සඳහා  මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා  යොමුකරන්නේ ඒ නිසාය.

තාලිබ්ලා ගැන ඇමරිකාවේ අවධානය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ මෙම කරුණු එකිනෙක හෙළිවන්නට ගැනීමත් සමඟ අමෙරිකානු ආරක්ෂක අංශ ඒ කෙ‌රෙහි විශේෂ අවධානයක් යොමු කරන්නේය. ඒ අමෙරිකානු ආරක්ෂක අංශත් එදා පාස්කු ප්‍රහාර විමර්ශන සඳහා මැදිහත්ව සිටි බැවිනි. එහිදී අමෙරිකානු ආරක්ෂක අංශවල විශේෂ අවධානයක් යොමු වී තිබුණේ ඔවුන් සිරියාවේ ත්‍රස්ත කල්ලි සමඟ යම් සම්බන්ධයක් පවත්වන බව පෙනී යන්නට වූ බැවිනි.

මහාචාර්ය තාලිබ්ගේ දෙවැනි පුතා

අහමඩ් තාලිබ් ලුක්මාන් තාලිබ්ගේ අනෙක් පුතා වන ලුක්මන් තාලිබ් ඉස්මයිල්ගේ නමද    පාස්කු කොමිසමේදී ද එළියට ආවේය.

අනාවරණය වන ආකාරයට අනුව තාලිබ් ගේ දෙවැනි පුතා ලුක්මාන් තාලිබ් ඉස්මයිල් උපත ලබා ඇත්තේ එංගලන්තයේදීය. ඔහු එංගලන්ත පුරවැසියෙක්ද ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්ද යන්න පැහැදිලි නැතත් සිය මවුපියන් සහ සහෝදරයා සමඟ ඔහු වැඩි කාලයක් ජීවත්ව ඇතැයි කියැවෙන්නේ ඔස්ට්‍රේලියාවේය.

බේරුවල නිසාර් සහ තාලිබ්ගේ ව්‍යාපාරය

විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව මොහොමඩ් හාරිස් නිසාර් සහ ලුක්මාන් තාලිබ් ඉස්මයිල් එකිනෙකා දැන හඳුනා ගන්නේ බේරුවලදීය.

මොහොඩ් හාරිස් නිසාර් බේරුවල චීන කොටුවේ පදිංචිව සිටින මැණික් ව්‍යාපාරිකයෙකි. මැඩගස්කරය සහ චීනය සමඟ ඔහුට ඇති සම්බන්ධකම් බොහෝය. මැඩගස්කරයේ මෙන්ම චීනය සමඟ ද ඔහු මැණික් ගනුදෙනුවල නිරතව සිටින බව සඳහන්ය.මැඩගස්කරයේ ඔහුට අයත් පතල් පවා ඇති බව කියැවේ.

ලුක්මාන් තාලිබ් ඉස්මයිල් මැණික් ව්‍යාපාරයේ  යෙදී ඉන්නෙ වර්ෂ 2006   සිටය. අහමඩ් ලුක්මාන් තාලිබ්ගේ බිරිය බේරුවල පදිංචිකාරියකි. ඇගේ මහ ගෙදර ඇත්තේ ද ඉස්මයිල්ගේ නිවස කිට්ටුව පාතය. ඉස්මයිල් මේ පවුල දැන හඳුනා ගන්නේ 2016 වසරේ දී ඔවුන් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය. ඒ පැමිණි ඔවුන් නවාතැන් ගන්නේ බේරුවල පිහිටි නිවසේය.

මාස දෙක තුනක් මෙරට ඔවුන් රැඳී සිටින්නේ කමින් බොමින් විනෝද වෙමින් කාලය ගත කරමිනි. එහිදී මැණික් ව්‍යාපාරික නිසාර් සමඟ සමීප හිතවත්කමක් ගොඩනඟා ගන්නා ඉස්මයිල් ඔහුට යෝජනා කරනුයේ ඔස්ට්‍රේලියාවට මැණික් අපනයනය කිරීමේ හවුල් ව්‍යාපාරයක් අරඹන්නටය. සිය ව්‍යාපාර පුළුල්කර ගැනීමේ ආශාවකින් පෙළෙමින් සිටි නිසාර්ද ඒ යෝජනාවට කැමැත්ත පළ කරනුයේ එක පයින්මය. “ජෙම් හබ්“ නමින් නිසාර් සහ ඉස්මයිල් එක්ව හවුල් ව්‍යාපාරයක් අරඹන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

මුල්ම මැණික් තොගය නිසාර් ඔස්ට්‍රේලියාවට යවන්නේ 2018 වසරේදීය. අනතුරුව ඔවුන් කටාර් කේන්ද්‍ර කර ගනිමින් ඔවුන්ගේ “ජෙම් හබ්“ මැණික් ව්‍යාපාරය ව්‍යාප්ත කරන්නට ගත්තේ අමෙරිකාව දක්වා සිය ව්‍යාපාරික පරාසය ව්‍යාප්ත කරමිනි.

ඇමරිකාවේ හඹා ඒම

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් තාලිබ් ඉස්මයිල් පස්සේ පන්නන්ට ගන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඔස්සේ ඔහුගේ පියා සහ සහෝදරයා ගැන තොරතුරු අනාවරණය වීමට පටන් ගැනීමත් සමඟිනි. ඒ වන විට ඔවුන්ගේ ව්‍යාපාර අමෙරිකාව දක්වාම ව්‍යාප්තව පැවති බැවින් අමෙරිකානු ආරක්ෂක අංශ ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වා තිබුණි.

තාලිබ් ඉස්මයිල් ද ත්‍රස්ත සංවිධානවලට උදව් උපකාර කරන්නෙක් ලෙස අමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනා ගන්නේ ඒ අනුවය. අමෙරිකානු ආරක්ෂක අංශ ඒ බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමටද අමතක කර තිබුණේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස තාලිබ් ඉස්මයිල් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ 2021 වසරේදීය.

තාලිබ් ඉස්මයිල් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තද අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශන හමාර වූයේ නැත. දීර්ඝ ලෙස ඔහුගේ ව්‍යාපාර හා ඒ හා බැඳුණු තොරතුරු ද ගවේශනය කර තිබුණේය. තාලිබ් ඉස්මයිල්ගේ ව්‍යාපාර සගයෙක් වූ බේරුවල නිසාර් ගැන තොරතුරු හෙළිවන්නේ එහිදීය.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය පෙන්වා දෙන ආකාරයට අනුව තාලිබ් ඉස්මයිල් සමඟ බේරුවල නිසාර් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන සිදුකරන ව්‍යාපාර තුළින් වාර්ෂිකව උපයා ඇති ලාභය අමෙරිකානු ඩොලර් 200,000කි.

මෙහිදී එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය තාලිබ්ගේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සගයා වන නිසාර්ගේ එක්සත් ජනපදයේ පවතින සියලුම වත්කම් හා දේපළවලටද   තහනමක් පනවනු ලැබීය. ඒ අමෙරිකානුවන් සමඟ ගනුදෙනුවල නිරත වීමද තහනම් කරමිනි.

මෙසේ අමෙරිකාවෙන් සම්බාධක රැසක් පැනවෙන විට නිසාර් සිටින්නේ බේරුවලය. අදටත් ඔහු සිය නිවසේ රැඳී සිටිමින් මැණික් ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින්නේ සුවසේය.

බේරුවල නිසාර් කියන කතාව

එහෙත් බේරුවල නිසාර්ගේ    ව්‍යාපාර සගයා වූ තාලිබ් ඉස්මයිල්ට දැන් හැමදෙයක්ම අහිමිව ගොසිනි. අඩුම තරමින් බේරුවල පිහිටි ඉස්මයිල්ගේ මවගේ මහ ගෙදරද දැන් ඔවුන්ට අයිති නැත. ඒ එය රාජසන්තක කර ඇති බැවිනි. දැන් එහි ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බේරුවල විශේෂ ඒකකයයි.

තාලිබ් පවුලට ගෑවුණු දේපොළ එසේ අපේ රට තුළ රාජසන්තක වී ඇති පසුබිමක නිසාර් පවසන්නේ තාලිබ් ඉස්මයිල් ත්‍රස්තවාදියෙක් බව හෝ ඔහු ත්‍රස්තවාදී කල්ලිවලට උදව් කරන අයෙක් බව තමා කිසිවිටෙකත් දැන නොසිටි බවකි. තාලිබ් ඉස්මයිල් සමඟ තමා කළේ ව්‍යාපාරික ගනුදෙනුවක් පමණක් බව ද ඔහු කියන්නේය.

2021 වසරේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් තාලිබ් ඉස්මයිල්ට  තාමත් නිදහස ලැබී නැත. නිසාර් පවසන්නේ තමාට ඔහුගෙන් විශාල මුදලක් ලැබීමට ඇති බවය. ඔහු කියන්නේ තාලිබ් ඉස්මයිල් සමඟ ව්‍යාපාර කිරීමට ගොස් අවසානයේදී   තමාට හැම අතින්ම පාඩු සිදුවූ බවය.

බේරුවල නිසාර් මොනවා කීවත් ආමෙරිකානු භාණ්ඩාගාර  දෙපාර්තමේන්තුව නම් හඳුනා ගෙන සිටින්නේ නිසාර් ද තාලිබ් හරහා අල් කයිඩා සංවිධානයට මූල්‍ය, ද්‍රව්‍යමය හා තාක්ෂණික හා සේවා සහාය ලබාදී ඇති අයෙක් ලෙසිනි. ඔහුට එරෙහිව සම්බාධක පනවන්නේ එබැවිනි.

බේරුවල නිසාර් සුවෙන්…

එසේ නිසාර්ට එරෙහිව අමෙරිකනු ආරක්ෂක අංශ ඉතා දැඩි තීන්දු තීරණ ගත්තද තාමත් අපේ රට තුළ නිසාර්ට එරෙහිව විධිමත් විමර්ශනයක් පවත්වා තිබේදැයි ඇත්තේ ගැටලුවකි.

බුද්ධි අංශ විසින් සඳහන් කර ඇති ආකාරයට පාස්කු ඉරුදින එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරක ස්ථානයක් වූ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ ඉන්ෂාඩ් අහමඩ් මෙම මැණික් ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික හිතවතෙක් බවය.

වැල්ලම්පිටියේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වූයේද ඉන්ෂාඩ් අහමඩ්ය. ඔහු මරාගෙන මැරුණු අන්තවාදී ත්‍රස්තවාදියෙක් වූවත් නිසාර් ත්‍රස්තවාදියෙක් හෝ අන්තවාදියෙක් යැයි කියා මෙතෙක් මෙරට සිදු කර ඇති කිසිදු විමර්ශනයකින් තහවුරු වී නැත.

ඇමෙරිකාවෙන් සම්බාධක පනවා ඇතත් ඒ කිසිවක් තමාට සිදු නොවූ ගානට ඔහු දැන් ඉබාර් ඛාන් නැමැති පකිස්තානු ව්‍යාපාරිකයෙක් සමඟ එක්ව සිය ව්‍යාපාර පුළුල්කරමින් සිටින්නේ ඒ නිසා විය හැකිය.

( සිළුමිණ) 

 

,

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 බැසිල් ලංකාවට එයි… පිලිගන්න පොහොට්ටු මැති ඇමතිවරු කටුනායක යයි…

Next Post

මහතීර් මොහොමඩ්  පරාදයි… පාර්ලිමේන්තු අසුනත් පැරදී ඇපත් අවලංගු වෙයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.