බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු නඩුවේ දී  ඊබ්‍රහීම් ගේ නිවසෙහි තිබී සීඅයිඩී භාරයට ගත්  රන් භාණ්ඩ මැණික්  අධිකරණ නියෝග නොතකා රඳවාගෙන සිටි   CIDයට අධිකරණයෙන්  දැඩි අවවාද!

by editor
පෙබරවාරි 25, 2026
in පුවත්
CID
Share on FacebookShare on Twitter
  • අධිකරණ නියෝග නොතකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් පතලා… අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කොටුව මහේස්ත්‍රාත්වරයා දැඩිව කියයි!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවකු වූ ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් පදිංචිව සිටි දෙමටගොඩ මහවිල ගාඩ්න්ස් නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   භාරයට ගත් රන් භාණ්ඩ හා මැණික් ඇතුළු දේපළ, සතියක් ඇතුළත ඔහුගේ සහෝදරයා වෙත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (25) නියෝග කළේය.

අධිකරණ නියෝග දිගින් දිගටම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි අවවාද කළ මහේස්ත්‍රාත්වරයා, මෙම නියෝගය ක්‍රියාත්මක නොකළහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ CIDයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද අවධාරණය කළේය.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉල්හාම් අහමඩ් සහ දෙමටගොඩ නිවසේ බෝම්බය පිපිරී මියගිය ඉන්ෂාෆ් අහමඩ් යන දෙදෙනාගේ සහෝදරයකු වන ඉෆ්ලාල් අහමඩ් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් විය. අදාළ භාණ්ඩ තමන්ට අයත් බව පවසමින් ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයෙන් සහනයක් ඉල්ලා තිබුණි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් විරෝධතා ගොනු කිරීමට CIDයට සාධාරණ කාලයක් ලබා දී තිබුණද ඔවුන් කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බවය.

තවත් මහේස්ත්‍රාත්වරියක විසින් මේ පිළිබඳව වාර්තාවක් කැඳවා තිබියදීත් CIDය එම නියෝග ද නොසලකා හැර ඇති බව අධිකරණය මෙහිදී අවධාරණය කරනු ලැබුවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ අවස්තාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කළේ  අදාළ භාණ්ඩ මේ වන විට මහ බැංකු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බැවින් ඒවා මුදා හැරීමට තවත් කාලය ලබා දෙන ලෙසය.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර නීතිපති උපදෙස් පැතීම වැරදි ක්‍රියාවක් බවත්, මෙය බරපතල අනතුරුදායක තත්ත්වයක් බවත් අවධාරණය කළේය.

“අධිකරණ නියෝග පැහැර හැරීම සහ මග හැරීම මත අධිකරණයට අපහාස කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පියවර ගන්නවා.” – මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර  දැඩිව දන්වා සිටියේය.

සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවට අදාළව, ඇප මත මුදා හැර සිටින ඒ.එච්.එම්. රිෆාස් සහ මොහොමඩ් නිලාම් යන අය ද එදින අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව නැවත කැඳවීම ලබන ජුනි මස 17 වැනිදාට නියම කෙරිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත් අඩංගුවට ගත්තේ රටේ හිටපු බුද්ධි ප්‍රධානියා… කිසි දෙයක් හංගන්නේ නෑ… අවශ්‍ය වෙලාවෙදි දැනගත යුතු කරුණු මාධ්‍යයට හෙළි කරනවා… පොලිසිය කියයි!

Next Post

ඉන්දියාවෙන් පිටුවහල් කළ “පොඩි ලැසී” අද රටට ගෙන්වීමට සැරසෙයි?…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.