පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ විමර්ශන වාර්තාව හා ලේඛන අසම්පූර්ණ බවත්, විධිමත් විමර්ශනයක් සිදුකර ඉදිරි දින 14 තුළ තමා වෙත එම වාර්තාව යළි වාර්තාව ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා ඊයේ පස්වරුවේ පොලිස්පතිවරයා වෙත නියෝග කළේය.
පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද නිර්දේශ සහිත වාර්තාව ලබාගෙන එමගින් අනාවරණය කර ඇති නව කරුණු සහ සාක්‍ෂි සම්බන්ධයෙන් අවධානය යොමුකර නීතිපතිවරයා පිටු 30කින් සමන්විත උපෙදෙස් ලිපියක් සකස් කර තිබිණි. ඔහු පොලිස්පතිවරයාට නියෝග කර ඇත්දීතේ එම ලිපියේ දක්වා ඇති උපදෙස් මාලාව ඔස්සේ විමර්ශනය සිදු කරන ලෙසය.
නීතිපති දප්පුල ද ලිවේරා තවදුරටත් දන්වා ඇත්තේ පාස්කු ප‍්‍රහාර මාලාවට සම්බන්ධ පුද්ගලයන්ට හා ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ප‍්‍රමාදවීම වැලැක්වීම සඳහා තමා ලබා දුන් උපදෙස් ප්‍රකාරව කඩිනමින් හා විධිමත්ව විමර්ශන සිදු කරන ලෙසය.