බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පාස්කු අනතුර කලින් දැන නොසිටියත් පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”

හිටපු අගමැති රනිල් කියයි

by Lanka Sara Editor
මාර්තු 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය පිළිබද පෙරදී කිසිවක් නොදැන සිටියද, තමා නියෝග දුන් නිසා ප්‍රහාරය සිදුවී පැය 9ක් තුළ සැකකරුවන් අල්ලා ගැනීමට සමත් වූ බවත් විදෙස් බුද්ධි අංශ පවා ඒ ගැන විමතියට පත්වූ බවත් හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ‘ටෘත් විත් චමුදිත’ යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී වූ සංවාදයේ කොටස් කිහිපයක් පහත දැක්වේ.

මේ දවස්වල තරමක් විවේකීව ඉන්නවද,
ඒ විවේකය ඔබ ප්‍රාර්ථනා කරපු දෙයක් ද?
සමහරවිට දේශපාලනයට විවේකයක් බලාපොරොත්තු වෙන්න ඕන වෙලා තියෙනවා සමහර කාරණා ගැන හුගක් හිතලා බලන්න.

ඔබ හොදට කියවන, ලියන කෙනෙක්. මොනවද මේ දවස්වල ඒ ගැන කරන්නේ?

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මම මේ දවස්වල ලියනවා ඉන්දු පැසිෆික් කලාපයේ දේශපාලනය ගැන.

රනිල්ගේ නිශ්ශබ්දතාවයෙන් හොඳ නෑ රනිල් විසින් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි ඔහු හරි කපටි දේශපාලනඥයෙක්. ඔහු ලඟදිම කුමක් හෝ දේශපාලන පෙරළියකට අන්දමින් ඉන්නවාය කියලා එළියේ අය කතා වෙනවා.?

බලාගෙන ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. වෙන එකක් නෑනේ. නිශ්ශබ්දතාවය කියන්නෙත් පණිවිඩයක්.

ඒ කියන්නේ කිසියම් දේශපාලන කුමන්ත්‍රණයකට සූදානම් වෙන ලකුණු ද?
නෑ. කොහොමද දේශපාලනය යන්නේ කියලා බලනවා. දේශපාලනයත් වෙනස් වෙනවා කොවිඩ් නිසා. ලංකාවෙත් ඡන්ද දායකයින් බලාපොරොත්තු වූ දේ සිදුවුණේ නෑ.

මහින්ද ගෝඨාභය දෙන්නා මේ ජනතාව රැවැට්ටුවද?
රැවටීමකුත් තමයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා අපිට බැරිවුණ දේ එයාලා කරන්න. එහෙම එකක් වුණේ නෑ.ඉෂ්ට කරගන්න බැරි බලාපොරොත්තු එයාලා ළගත් තිබුණා.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ජාතික පක්ෂ ආණ්ඩුවක් 2019 මිනිස්සු දුන්න නම් මීට වඩා ප්‍රතිඵලයක් ලබන ඉඩ තිබුණාද?
ඔව් අපිට තිබුණා ආර්ථිකය හදන්න. මෙහෙම තත්ත්වයක් ආවේ නෑනේ.

හිටපු අගමැති තුමනි ඔබේ ඉලක්කය 2024 මැතිවරණයද?
ඉලක්කයක් නෑ බලාගෙන ඉන්නවා.

2024 මැතිවරණය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් එහෙම ඇති?
නෑ. එක්සත් ජාතික පක්ෂය දැන් තියෙන්නේ අලුතින් සංවිධානය වෙන්න. අපේ ප්‍රතිඵල එක අතකින් අවාසියක්. අනිත් පැත්තෙන් වාසියක්. මොකද ඔක්කොම දැන් අලුතින් කරන්න පුළුවන්. ඒක තමයි තරුණ කට්ටිය දාලා අලුත් අය දාලා කරන්න කියලා තියෙන්නේ දැන්.
පළමු කණ්ඩායම දැන් වටේ ගිහින් තියෙනවා. පාක්ෂිකයන් මුණගැහිලා තියෙනවා. දැන් ඊළගට ප්‍රතිසංවිධානය කළාම හරි. තුන්වැනි පියවර ගන්නවා. විශේෂයෙන් රටේ තත්ත්වය දිහා බලනවා ඒ අය. අලුත් අදහස් තියෙනවා. මං හිතන්නේ 2019න් පස්සේ අපි සම්ප්‍රදායික දේශපාලනය විතරක් සීමා වෙන්න බෑ.

1977 ඉඳලා පාර්ලිමේන්තුව නියෝජනය කරපු 44 වසරක පාර්ලිමේන්තු ජීවිතය ඔබ අවසන් කරනවා 2020 මහ මැතිවරණයෙන්. ඔබ හීනෙන්වත් එවැනි තත්ත්වයක් බලාපොරොත්තු නෑ නේද ඔබ අවංකව කියන්න එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වුණේ නෑ නේද?

දේශපාලනයේදී ඔය කොයි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න ඕන. අපි ආසන එකට බැහැලා තියෙනවා. ඒක දේශපාලනයේ කොටසක්. 1984 භාරත ජනතා පක්ෂය දෙකකට බැස්ස. ඒත් අන්තිමට ආණ්ඩුවක් ඇති කරා.

ඔබ ඉතා සැහැල්ලුවෙන් ඉන්න බව පේනවා. ඔය සැහැල්ලුව මේ අටලෝදහම ජය පරාජයකින් ඇත්තටම විඳගෙන තියෙන කෙනෙක්ද? නැත්නම් බොරුවට මාධ්‍යයට පේන්න හිනාවෙලා කතා කරනවා ද?
නෑ ජයත් එකයි පරාජයත් එකයි. වැඩ කරන එකත් එකයි නැතත් එකයි. ජීවිතේ හැටි.

ළඟදී සජිත් ප්‍රේමදාසත් ඇවිත් ගියාද?
නෑ මට එකසැරයක් මුණගැහුණා දේශපාලන පළිගැනීමේ කොමිසම ගැන කතාකරන්න එච්චරයි.
විපක්ෂ නායක නිසා සජිත් ප්‍රේමදාස ඔබතුමාව එච්චර ගණන් ගන්නෙ නැද්ද?
මෙහෙමයි (ඉම්රාන් ඛාන්ගේ මෙරට සංචාරය අතරතුර සිදුවූ භෝජන සංග්‍රහයේදී) මාව දැක්කම සජිත් හිටපු ජනාධිපති එක්ක කතා කර කර හිටියා. මම පකිස්තානය සංචාරක ඇමති එක්ක කතා කළා මගේ දකුණු පැත්තේ හිටියේ එයා.
ඔබ සෑහීමකට පත්වෙනවාද එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ගේ භූමිකාව පිළිබඳ?
මාස කීපයක් තුළ එයාට භාර දීපු වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අලුත් නිලධාරි මණ්ඩලය ගැනත් මගේ විශ්වාසයක් තියෙනවා. ඔවුන්ට අවස්ථාව දෙන්න ඕන වටේ යන්න එකතු කරන්න. තව මාස කීපයකින් තමයි ඒගොල්ලන්ගෙ දක්ෂකම් ඔබට පෙනෙන්නේ. දැනට වැඩකටයුතු කරගෙන යනවා නායකත්ව ලක්ෂණ පෙන්නලා තියෙනවා.

වගකීම් භාර දීල තියෙනවා නායකයෙක් අලුත් එක්කෙනෙක් එන්න සූදානම් උනාම සූදානම් කියලා ඒකත් බාර දෙන්නම්. දැනට ඔවුන් තීරණය කරලා නෑ. තීරණය කරාම දෙන්නම්. මම නෙමෙයි රට වටේ යන්නේ. අනිත් අය රට වටේ යන්නේ. හොඳයි ඒක හොඳ පලපුරුද්දක් ඔවුන්ට ලැබෙනවා. උපදෙස් දෙන්න පුළුවන්.

රාජපක්ෂ පවුල් පාලනය ගැනනෙ කතාකළේ අන්තිමට රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා මාමා බෑණා ට නියෝජනය කත්වය දුන්නා කියලා කියනවා. ඔබතුමාත් ඒකම කළයි කියලා කියනවා .?

කෘත්‍යාධිකාරී මණ්ඩලය එය තීරණය කළේ නියෝජ්‍ය නායක. නායකයා කවුද කියන එකත් තීරණය කරයි.

දැනට මේ අවස්ථාවේ ඔබට ඉන්න විශ්වාසවන්තම පුද්ගලයා රුවන් විජයවර්ධන ද?

දේශපාලනයේදී හැම කෙනාම විශ්වාස කරන්න ඕන.

මේ මොහොතේදී ඔබට ඉන්න හොඳම මිත්‍රයා කවුද?
දේශපාලනයේදී හොඳම මිතුරො ඉන්නවද ?
දේශපාලනය කියන්නෙ පුදුම සෙල්ලමක්. ඒක දැනගෙන ගියාම තමයි ජීවත් වෙන්න පුළුවන්. කොහොමද තමන් ඉදිරියට යන්නේ කොහොමද තමන්ගේ කණ්ඩායම ඉදිරියට ගේන්න කොහොමද බලය ගන්නේ. බලය නැති උනහම කොහොමද විපක්ෂයේ ඉන්නේ.

එක්සත් ජාතික පක්ෂයට අද පාර්ලිමේන්තු නියෝජනයක් නැති වීමේ වගකීම බාරගන්නේ ඔබතුමාද? නැත්නම් සජිත් ප්‍රේමදාස මහතා ද ?

මං හිතන්නේ අපි පරාජයෙන් පස්සේ, පක්ෂ බෙදුණායින් පස්සෙ බොහෝ දෙනා ඡන්දය දුන්නේ නෑ. එකක් පරාජය නිසා චන්දය දුන්නේ නෑ අනික බෙදුණා කියලා ඡන්දය දුන්නෙත් නෑ.

පක්ෂය බෙදුවේ කවුද? සජිත්ලා යන දැනට වැඩ කලේ කවුද?
ඒගොල්ලො හදාගෙන ගියාද නැත්නම් ඔබතුමාලා යවන තැනට වැඩ කළාද ?
කවුරුවත් යවලා නෑ.
ඔවුන් තීරණයක් අරන් වෙන පක්ෂයක් හදන් යන්න ගියා.

ඔවුන් එහෙම නොගියා නම් එක්සත් ජාතික පක්ෂය පරාද වෙන්නෙ නැද්ද?

එහෙම නම් එජාපය විපක්ෂයේ ඉන්නේ. බලය ලැබෙන්නේ නැහැ. මොකද ජනාධිපතිවරණය පරාද උනයින් පස්සේ වෙන්න ඒකනෙ. විශාල සංඛ්‍යාවක් ඡන්දය දුන්නේ නෑ . ඔතනට ජන්ද දුන්නා මුස්ලිම් කොංග්‍රසය වගේ අනිත් පක්ෂ. බැලුවම ඇත්තටම ඡන්ද දුන්නාට වඩා පිරිසක් ඡන්දේ නොදී ගෙදර හිටියා.
එක්සත් ජාතික පක්ෂය අද අත්වූ ඉරණමට වගකිව යුත්තේ සජිත් ප්‍රේමදාස ද රනිල් වික්‍රමසිංහ ද ?

භාර ගත්තා කියලා මොකක්ද වෙන්නෙ.
2024 මැතිවරණ ටයන්න අලුතින් හිතන්න ඕන . අපි අලුතින් හිතුවේ නෑ ඒකයි අපි දෙකෙන්ම පරාජයට ආවේ.
අලුතෙන් සංවිධාන තියෙන්න ඕන. ඡන්දෙකින් පරාද වුණායින් පස්සේ, මොකද්ද පසුබිම, කොහොමද ඡන්දදායකයින්, අපි ඊළඟ සැරේ කොහොමද ජයග්‍රහණයට යන්නේ කියලා හිතන්න ඕන.

අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා හදිසියේ හමුවුණේ ඇයි?
පහුගිය සතියට පෙර සතියේ මහින්ද රාජපක්ෂ අගමැති තුමා අපි හම්බවුණා කලින් කතා කරගෙන හිටිය අපි හම්බවෙන්න. පස්සේ එයා කිව්වා බෙන්තොට ඉන්නවා කියලා ඉතින් මම ගියා. මම තනියෙන් ගියේ. එතන එතුමා හිටියා බාල පුතා හිටියා. අපි ටික වෙලාවක් කතා කරකර හිටියා . එතන අගමැතිගේ නිල බංගලාව නේ. ඔක්කොම අළුත්වැඩියා කරේ මගේ කාලේ. මම ඉතින් බැලුවා කොහොමද කියලා.
ගංගාරාම ගිහාම ජනාධිපති හමුවුණා. සජිත් එක්ක එදා කතා කළා. ඔහොම තමයි ඉතින් . හම්බ වෙන අයත් එක්ක කතා කරනවනෙ. හැම එක්කෙනා එක්කම මම කතා කරනවා.

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකළේය.

සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිතුමා රටින් යන්න කලින් එක්කෝ එතුමා කතා කරනවා නැත්නම් මං කතා කරනවා . එදා යනවා කියලා කිව්වා.
ඇත්ත වශයෙන්ම අපි දැන හිටියේ නෑනේ අපි දැනගත්තා නම් මොකක්හරි සිදුවෙනවා. මම දැනන් හිටියේ නෑ. මං හිතන්නේ කබීර්හෂීම් මන්ත්‍රීතුමාගේ කණ්ඩායම උදව් කළා වනාතවිල්ලුවේ ප්‍රශ්නෙදි ඊට පස්සේ පස්සේ ඒ කෙනාට වෙඩි තියල තිබුන. එහෙම දැනගෙන හිටියා නම් හරි උදව් කරනවා. අපේ එක දැනගත්ත ගමන්ම ආරක්ෂක අමාත්‍යංශය අමාත්‍යංශයේ කැඳවලා වහාම මේ ගැන ක්‍රියා කරන්න කිව්වා . ඒ වෙනකොට පළවෙනි කණ්ඩායම ඊබ්‍රහිම් කණ්ඩායම හොයාගෙන තිබුණා . අනිත් එක වාසි උනේ මේක කරන්න කිව්ව ගමන් දඹුල්ලේ ත්‍රීරෝද ත්‍රී රෝද රථ රියදුරෙක් පොලීසියට ඔත්තුවක් දුන්නා එතනින් කැඩුවා. ඊට පස්සේ තමයි සමන්තුරය ට සයින්දමරුදු වලට ගියේ. එදා එහෙම ක්‍රියා කළේ නැත්නම් ජනාධිපතිතුමා එනකම් ඉන්න ඕන කියලා කිව්වා නම් මේ එකක්වත් සිදුවෙන්නේ නෑ.

ප්‍රහාරය වුණාම මම බෙන්තොට හිටියේ. මට පාරෙන් එන්න එපා කිව්ව නිසා වහාම හෙලිකොප්ටරෙන් ආවා. මම වහාම ආරක්ෂක අංශයේ සියලුම දෙනාවයි නීතිපතිවයි කැදවලා අවශ්‍ය නියෝගය දුන්නා මේකට වහාම ක්‍රියාත්මක වෙන්න කියලා. එතන ආරක්ෂක අමාත්‍යාංශයේ හැමෝම හිටියා. මම නියෝග දුන්නු නිසයි පැය 9ක් යද්දී සැකකරුවන් අල්ලාගන්න පුළුවන් වුණේ. විදේශ බුද්ධි අංශ පවා පුදුම වුණා ගැන. මම නියෝගය නොදුන්නා නම් මොකද වෙන්නේ. ඇදිරි නීතිය ගැන ජනපතිත් එකක්ත් කතා කරලා තමයි තීරණය ගත්තේ.

රෝ එකට (ප්‍රහාරය සිදුවීම ගැන) තොරතුරු තිබුණා. මට තියෙන ප්‍රශ්නය ඇයි අපිට ඒ තොරතුරු හොයාගන්න බැරි වුණේ කියන එක. පොලීසියේ දෙදෙනා ඝාතනය කරද්දී එතනින් පටන් ගන්න තිබුණා. අර කබීර් හෂීම්ගේ ලේකම්වරයා දීපු තොරතුර. ඒවත් තිබ්බා. ප්‍රහාරයෙන් පස්සේ ඔක්කොම එකට වැඩ කළාම පැය 9ක් යද්දී ඔක්කොම ඇල්ලුවා. සතියක් යද්දී ඔක්කොම කඩලා ඉවරයි.
අපිට මෙහේ තොරතුරු සම්පූර්ණ දීලා තිබුණේ. නෑ. නොකිව්වා නෙවෙයි. නමුත් තොරතුරු තිබුනේ නෑ. පොලිස් නිලධාරීන් දෙදෙනා මැරුවේ කවුද කියලා දැනගෙන හිටියේ නෑ.

රනිල් මෛත්‍රී ගැටුම මේ රටේ ආරක්ෂාව අස්ථාවර

හැමවේලේම ඝට්ටන තියෙනවා. මට චන්ද්‍රිකා එක්කත් තිබුණා. හැම ආණ්ඩුවෙම ඕක තියෙනවා. හවුල් ආණ්ඩුවක් ඇතුළේ ප්‍රශ්න තියෙන්න ඕන. මෙතන වුණේ අපේ ආරක්ෂක බුද්ධි අංශවලට තොරතුරු ලැබුණේ ප්‍රමාද වෙලා. විදෙස් බුද්ධි අංශවලින් ඒක කලින්ම ලැබුණා. ඒ ලැබුණ තොරතුවලිනුත් මොකක්ද ගත්ත ක්‍රියාමාර්ගය කියන එක. ආණ්ඩුවක් හැටියට ඇත්තටම අපි සියලුම දෙනා පාර්ලිමේන්තුවට ඒ ගැන වගකිව යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නතේ කාණ්ඩයක් ලබාදීම අත්හිටුවයි

Next Post

ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.